හැරී කුමරු බ්‍රිතාන්‍යයෙන් නික්මෙයි

Tuesday, 21 January 2020 - 13:05

%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රාජකීය රාජකාරීවලින් ඉවත් වී, සිය පදවි නම්බු නාම සහ මහජන අරමුදල් අහිමි කර ගත් හැරී කුමරු කැනඩාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, දැනටමත් එහි ගොස් සිටින සිය ඇමරිකානු ටෙලි - නිළි බිරිඳ මේගන් සහ ආචි පුතු හා එක්වීමටයි. මෙතෙක් සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදිනිය ලෙස හැදින්වුණු හැරී - මේගන් යුවළ මෙලෙස රජ පවුලෙන් දුරස්ථවීම බ්‍රිතාන්‍යයේ සියවස් ගණනක් පැරණි රාජකීය සංස්ථාව සසල කළ සිද්ධියක් ලෙසයි සැලකෙන්නේ.

ඊයේ සිය නික්මීම පිළිබදව සංවේදී ප්‍රකාශයක් සිදුකළ හැරී කුමරු කියා සිටියේ වඩාත් සාමකාමී දිවියක් ගත කිරීම සඳහා රජ පවුලේ මෙහෙවරින් ඉවත් වීම වේදනාකාරී සිද්ධියක් බවයි.

බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන 6 වැන්නා ලෙස සිටි හැරී කුමරු සිය තීරණය පිළිබද මහරැජිණ සමඟ සාකච්ඡා කළ අතර, ඊයේ අගමැති බොරිස් ජොන්සන් හමුවී විනාඩි 20ක කාලයක් පෞද්ගලිකවම කරුණු පැහැදිලි කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories