ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විභාගය අද ඇරඹේ

Tuesday, 21 January 2020 - 13:54

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එරට සෙනෙට් මණ්ඩලයේ දෝෂාභියෝග විභාගය අද ආරම්භ වනවා.

එලෙස ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් ක්‍රියාත්මක වන්නේ 03 වන වතාවටයි.

තම දේශපාලන ප්‍රතිවාදියාට එරෙහිව කටයුතු කිරීම සඳහා විදේශ රටක නායකයෙකුගේ සහය පැතීම ජනපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරෙන චෝදනාවයි.

මේ වසරේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා විය හැකි ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ - බිඩන්ඩ්ගේ ව්‍යාපාරික අක්‍රමිකතා ප්‍රසිද්ධ කරන්නැයි ජනපති ට්‍රම්ප් ඉල්ලා ඇත්තේ යුක්රේන ජනාධිපතිවරයාගෙන්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories