රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා රිමාන්ඩ්

Thursday, 23 January 2020 - 12:40

%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් ලබන මස 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ඊයේ රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ සිය නිවසේ රැදී සිටියදීයි.

තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240ක් වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කරගත් බව කියන සිද්ධියට අදාළව සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය වසරේ ඔක්තෝම්බර් 25 වන දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories