කහටගහ පතලේ උපවාසය තවදුරටත්

Thursday, 23 January 2020 - 13:08

%E0%B6%9A%E0%B7%84%E0%B6%A7%E0%B6%9C%E0%B7%84+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
උපවාසයක නිරත කුරුණෑගල - දොඩංගස්ලන්ද කහටගහ පතලේ සේවකයින් හා කුරුණෑගල දිස්ත්‍රික් කම්කරු කොමසාරිස් ඒ.ඞී.එස්.ආර්. විජේසිංහ අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.

ඒ, කුරුණෑගල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේදීයි.

පතල් කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන  ඔවුන් ආරම්භ කළ උපවාසයට මේ වන විට දින 3ක්  ගත වනවා.

සේවකයින් 60 දෙනෙකුට වැඩි පිරිසක් ආරම්භ කළ මෙම උපවාසයට, අද පැවැත්වෙන සාකච්ඡාවේදී නිසි විසදුමක් නොලැබුණහොත් දැනට අඩි 1300 ක් පොළව අභ්‍යන්තරයේ සිට ක්‍රියාත්මක උපවාසය අඩි 2000ක් දක්වා අභ්‍යන්තරයට ගොස් සිදුකරන බවයි උපවාසයේ නිරත පතල් කම්කරුවන් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories