බන්ධනාගාර බස් රථයක් අනතුරට ලක්වී 12 දෙනෙකු රෝහලේ

Thursday, 23 January 2020 - 15:42

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
කුරුණෑගල - අඹන්පොල, කළුවිලපතාන ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් අනතුරට ලක්වීමෙන්, නිලධාරින් තුන්දෙනෙකු සහ සැකකරුවන් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ගල්ගමුව අධිකරණයේ සිට මහව බන්ධනාගාරය වෙත සැකකරුවන් රැගෙන යමින් තිබූ බන්ධනාගාර බස් රථයක්, ලොරි රථයක ගැටී පෙරලීයාමෙන් අද දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories