මුතුරාජවෙලට කසල බැහැර කිරීමට එරෙහි පෙත්සම විභාගයට දින නියම වෙයි

Thursday, 23 January 2020 - 15:43

%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කර තිබෙනවා.

ඒ අනුව, පෙත්සම මැයි මස 28 වනදා විභාගයට ගැනීමටයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ.

පෙත්සම සම්බන්ධයෙන් විභාගය අවසන් වනතුරු එම අභය භූමියට කසල බැහැර කිරීම වළක්වාලමින් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරින් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා.

මුතුරාජවෙල අභය භූමිය අවට වාසය කරන ප්‍රදේශවාසීන් 35 දෙනෙකු මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories