චීනයට හදිසි තත්ත්වයක්

Friday, 24 January 2020 - 13:15

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාරාන්තික කොරෝනා වෛරසය වැළඳීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියයාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 830 දෙනෙකු මේ  වනවිට එරටින් හමුවී ඇති අතර, ඊයේ  මුල්වරට සිංගප්පූරුවෙන් ද මෙම වෛරසය වැළඳුණු පුද්ගලයෙකු සොයාගැනුනා.

 60 හැවිරිදි චීන ජාතිකයෙකු වන මොහු චීනයේ වුහාන් නගරයේ පදිංචිකරුවෙකු වන අතර, පසුගිය 20 වනදා සිය පවුලේ සාමාජිකයින් සමඟ සිංගප්පූරුවට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

සිංගප්පූරුවට අමතරව මේ වනවිට තායිලන්තය, හොංකොං, ජපානය, මැකාවු, දකුණු කොරියාව, වියට්නාමය, තායිවානය, එක්සත් ජනපදයෙන්ද මෙම වෛරසය ආසාදනය වූ රෝගීන්  හමුවී තිබෙනවා.


ඉරානයේ උප ජනාධිපතිනියකටත් කොරෝනා ආසාදනය වෙයි
Friday, 28 February 2020 - 8:19

ගත වූ පැය 24 තුළ ඉරානයෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 106 දෙනෙකු... Read More

සිරියානු ගුවන් ප්‍රහාරවලින් තුර්කි සෙබලුන් 29 දෙනෙකු මරුට
Friday, 28 February 2020 - 8:09

වයඹදිග සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රාන්තයේ කැරළි කණ්ඩායම්වලට එරෙහිව... Read More

දිල්ලියේ ගැටුම්වලින් 35ක් මරුට
Thursday, 27 February 2020 - 20:10

නව පුරවැසි පනත මුල් කර ගනිමින් ආරම්භ වූ ප්‍රචණ්ඩ ක්‍රියා... Read More