යුරෝපා සංගමයෙන් වෙන්වීමේ ගිවිසුමට බ්‍රිතාන්‍ය අගමැති අත්සන් තබයි

Saturday, 25 January 2020 - 19:05

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ එකඟතා ගිවිසුමට අගමැති බොරිස් ජොන්සන් ඊයේ අත්සන් තැබුවා.

ලබන සිකුරාදා එනම් ජනවාරි 31 වන දා බ්‍රිතාන්‍යය දශක ගණනාවකට පසු යුරෝපා සංගම් සාමාජිකත්වයෙන් මෙන්ම සිය සමීපතම වෙළඳ සගයාගෙන් වෙන්වීමට නියමිතයි.

ගිවිසුමට අත්සන් තබමින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශ කළේ එය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරලනු ඇති බවයි.

2016 වසරේ පැවැත්වූ ජනමත විචාරණයේ ප්‍රතිඵලය එහිදී ක්‍රියාවට නැංවෙනු ඇති බව ඔහු කියා සිටියා.

ලබන 31 වන දා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නිළ වශයෙන් වෙන් වුවද එම පරිවර්තනය සඳහා මේ වසරේ අවසානය දක්වා මාස 11ක කාලවිරාමයක් හිමි වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories