IDH රෝහලට ඇතුළත් කළ කාන්තාවන් දෙදෙනාගේ කොරෝනා වෛරස් පරීක්ෂණ වාර්තාව කඩිනමින් - කැනඩාවෙනුත් අසාදිතයෙක්

Sunday, 26 January 2020 - 9:04

IDH+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කෙරුණු අයි.ඩී.එච්. උණ රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කෙරුණු කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනාගේ සාම්පල වාර්තා කඩිනමින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය හසිත අත්තනායක පවසනවා.

ඔහු කියා සිටියේ මේ වනවිට එම රෝගීන් දෙදෙනා වෙන්කර ප්‍රතිකාර සිදුකරන බවයි.

මෙම කාන්තාවන් දෙදෙනාගේ කොරෝනා වෛරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, මේ වනවිටත් වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පිළිබඳව නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි අධ්‍යක්‍ෂවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අදාළ කාන්තාවන් දෙදෙනාගේ එක් අයෙකු චීන ජාතික කාන්තාවක් වන අතර, ඇය මීට දින කිහිපයකට පෙර සංචාරක වීසා මත මෙරටට පැමිණ තිබෙනවා.

රෝහල් ගත කෙරුණු අනෙක් කාන්තාව ශ්‍රී ලාංකිකයෙකු වන අතර, චීනයේ උසස් අධ්‍යාපනය ලැබූ ඇය මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැළකෙන පුද්ගලයෙකු කැනඩාවෙන් ද ප්‍රථම වරට හමුවී තිබෙනවා.

ඔහු වෛරසයේ කේන්ද්‍රය වූ වූහාන් නගරයේ සිට නැවත කැනඩාවේ ටොරොන්ටෝ වෙත පැමිණි 50 හැවිරිදි පුද්ගලයෙක්.

කෙසේ නමුත් ඔහු මේ වනවිට හුදකලා කොට නව කෙරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂාවට ලක් කෙරෙන බව සඳහන්.

සාස් වෛරසයට සමාන කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියා තත්ත්වය වැළඳී මියගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2000 කට ආසන්න වී ඇති බව සඳහන්.

චීනයේ කොරෝනා වෛරස් මරණ සියල්ලන් පාහේ වූහාන් නගරයෙන් වාර්තාවුවද ප්‍රථමවරට ෂැංහයි නුවරද වෛරස් ආසාදිතයෙකු මියගිය බව නාගරික පරිපාලනය සනාථ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories