9කට දිවි අහිමි කළ මඩොල්සිම බස් අනතුරට හේතුව හෙළිවේ

Sunday, 26 January 2020 - 12:41

9%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
පසුගිය 6 වනදා පස්සර - මඩොල්සිම ප්‍රදේශයේදී සිදුවූ ලංගම බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදී තිබෙනවා.

ඒ අනුව අනාවරණ වී ඇත්තේ අදාළ බස් රථය නිසි පරිදි නඩත්තු කර නොමැති අතර, සේවා කටයුතු සිදු කිරීමේදී ඉතාමත් අපරික්ෂාකාරී ලෙස සිදුකිරීම මෙම අනතුරට හේතුවූ  වී ඇති බවයි.

විශේෂයෙන් බස් රථයේ බෝල් ජොයින්ට් හෙවත් බෝල සන්ධිය ගැළවී යාම මගින් මෙම අනතුර සිදුව ඇති බවත්, ඊට හේතුව නිසි ප්‍රමිතියකින් හා අවබෝධයකින් තොරව සිදුකරන ලද අලූත්වැඩියාවක් බවත් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මෙවැනි අවිධිමත් හා අක්‍රමවත් අලූත්වැඩියාවන් සම්බන්ධයෙන් අවධානය යොමුකර එවැනි දෑ වළක්වාගැනීමට සහ බස් රථ අලූත්වැඩියාව සම්බන්ධයෙන් නිර්දේශ රැසක් අදාළ වාර්තාවේ දක්වා ඇති බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක සඳහන් කළේ අදාල බස් රථය අලූත්වැඩියා කිරීම නිසි පරිදි සිදුවූයේද යන්න පිළිබඳ සොයාබැලීම පිළිබඳ තවත් පරික්ෂණයක් මේ වනවිට සිදු කෙරෙන බවයි.

පස්සර - මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී  ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 40 දෙනෙකු තුවාල ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories