කොරෝනා වෛසරය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාවද 2700 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය වැලඳුනු රෝගීන් පස්දෙනෙකු ඇමරිකාවෙන් වාර්තාවන අතර, ඊට අමතරව ප්‍රංශය, ජපානය, නේපාලය, ඕස්ට්‍රේලියාව, මලයාසියාව, හොංකොං, තායිවානය, දකුණු කොරියාව, වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව සහ මැකාවෝ දිවයින්වලින්ද මෙම වෛරසය අසාදනය වූ පුද්ගලයින් වාර්තාවන බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.
මේ අතර කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මෙම කමිටුව පත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඒ අනුව වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන් සහ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙම කමිටුව විසින් සිදුකරනු ඇති.
ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත වනවා.
ඒ අනුව අද (27) පස්වරු 5ට අදාළ කමිටුව රැස්වී කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති.
එමෙන්ම කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ වැඩපිළිවෙලක් සංවිධාන කර තිබෙනවා.
ඒ අනුව බීජිං සහ කැන්ටන් යන ගුවන් තොටුපලවලින් ශ්‍රී ලංකන් ගුවන් යානා මෙරටට පියාසර කිරීමට නියමිත අතර, එම යානාවලින් පැමිණෙන ශ්‍රී ලාංකීය සිසුන්ට සිය ගුවන් යානා ප්‍රවේශපත්‍ර ගාස්තුවෙන් සියයට 50 ක මිල අඩුකිරීමටද තීරණය කර ඇති බවයි එම ගුවන් සමාගම නිවේදනය කළේ.
මෙම රෝගී තත්ත්වය වාර්තාවන ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකීය සිසුන් පැය 48 ක් ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා.
ඒ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදේශ සබඳතා අමාත්‍යාංශය, චීන බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තාවන්නේ.
එම අවසරය ලද වහාම චීනය බලා පිටත්ව යාමට ශ්‍රී ලංකන් ගුවන් යානා සුදානම් කර ඇති බවයි එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
චීනයේ සිචුආන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනගරයේ ශ්‍රී ලාංකික සිසුන් 150 දෙනෙකු සහ නැනිංහි තවත් සිසුන් 30 දෙනෙකු සිටින බවට තානාපති කාර්යාලය හරහා තොරතුරු ලැබී තිබෙනවා.
මීට අමතරව චීනයේ සිටින සියළු ශ්‍රී ලාංකිකයින් පිළිබදව තොරතුරු දැන ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් බීජිං හි මෙරට තානාපති කාර්යාලය හඳුන්වා දී ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව 0086 - 10 - 65321861 /2 යන දුරකථන අංකය ඒ සඳහා විවෘතව පවතිනවා.
මේ අතර, සැක කටයුතු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරුණු පිලිපීන ජාතික කාන්තාව සහ පාකිස්තාන ජාතිකයා සම්බන්ධයෙන් ද මේ වන විටත් වෛද්‍ය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි එම රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මලයාසියාවේ ක්වාලාලාම්පූර් සිට කටුනායකට පැමිණි මොවුන් දෙදෙනා සැක කටයුතු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ පස්වරුවේ රෝහල් ගත කරනු ලැබුවා.
මීට අමතරව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වූ සැකය මත අයි.ඩී.එච්. රෝහලට මීට පෙර ඇතුළත් කෙරුණු හතරදෙනා සම්බන්ධයෙන් සිදුකළ මූලික පරික්ෂණයේදී ඔවුන්ට එම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.
කෙසේ වෙතත් එය යළි තහවුරු කිරීමේ පරීක්ෂණයේ වාර්තාව අද ලැබීමට නියමිතයි.
එමෙන්ම මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට දිවයිනට පැමිණි ඉන්දුනීසියානු ජාතික කාන්තාව සහ පාකිස්ථාන ජාතිකයා සම්බන්ධයෙන් අයි.ඩී.එච්. රෝහල තවදුරටත් පරික්ෂණ ක්‍රියාත්මක කරනවා.
කෙසේ වෙතත්, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් අනිසි බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළා.
ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස අවශ්‍යතාව මත මුඛ ආවරණ භාවිත කළ හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
චීනයේ සිට ශ්‍රී ලංකාවට එන සියළුම ගුවන් මගීන් ගුවන් තොටුපළේ සිට නිරෝධායන ක්‍රියාවලියට ලක් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.

Follow US
Most Viewed Stories