කෘත්‍යාධිකාරියට සාමාජිකයින් පත් කිරීම කල් යයි

Monday, 27 January 2020 - 12:44

%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් පත් කිරීම ඉදිරි සති දෙක තුළදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් සිදුකිරීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂය තුළ පවතින නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා.

කෙසේ වෙතත් එම සාකච්ඡාවලදී යෝජනා සාකච්ඡා කිරීම හැරුණුවිට පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

මෙම හමු අතරින් වඩාත් අවධානය යොමුවූයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරූ ජයසූරිය අතර හමුවයි.

එහිදී නායකත්වය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැය 48 ක් තුළ දැනුම් දෙන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුණද මේ වනතුරුත් නිල ස්ථාවරයක් ප්‍රකාශයට පත් කර නැහැ.

එවන් පසුබිමක් තුළයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිය පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ පළාත්පාලන නියෝජිතයන් වෙනම කොළඹට කැඳවා ඊයේ සාකච්ඡා කරනු ලැබුවේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණයේදී වෙනම තරග කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට දමිල ප්‍රගතිශීලී සන්ධානය අද පස්වරුවේ යොදාගෙන තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා.

එම සන්ධානයේ දේශපාලන මණ්ඩල රැස්වීම අද නුවරඑළියේදී පවත්වා මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන බව මීට පෙර සඳහන් කර තිබුණා.

එහෙත් එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් කියා සිටියේ තම සන්ධානයේ මහ ලේකම්වරයා දැනට විදේශ ගතවී ඇති බැවින් අද පස්වරුවේ සාකච්ඡාව දින කිහිපයකට කල් තැබූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories