වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන දකුණු පළාතත් කොරෝනා වෛරසයට සූදානමින්

Monday, 27 January 2020 - 12:56

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
මාරාන්තික කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දකුණු පළාතේ සියලු අංශ දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ චන්දිම සිරිතුංග පවසනවා.

දකුණු පළාතට චීන ජාතික සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන අතර වැඩබිම් ආශ්‍රිතවද චීන ජාතිකයන් සේවය කරන බවයි ඔහු කියා සිටියේ.

ඒ හේතුවෙන් පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් සංචාරක හෝටල් හිමියන් සහ වැඩබිම් ආශ්‍රිත ප්‍රධානීන්ද දැනුවත් කිරීමට දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට සති දෙකක් ඇතුළත මෙරටට පැමිණ ඇති සියලුම පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් ඔවුන්ට උණ හෝ වෙනත් රෝග ලක්ෂණ මතුව ඇත්නම් වහාම අයි.ඩී.එච්. උණ රෝහලට යොමු කරන ලෙසත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ චන්දිම සිරිතුංග උපදෙස් ලබාදී ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories