කොරෝනා වෛරස් මරණ 81 දක්වා ඉහළට - ආසාදිතයන් 2816 ක්

Monday, 27 January 2020 - 15:32

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+81+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+2816+%E0%B6%9A%E0%B7%8A
මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති අතර, ලොව පුරා පුද්ගලයන් 2816 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ඉන් 2761 දෙනෙකුම චීනයේ සිටින අතර, හොංකොං දිවයිනෙන් සහ තායිලන්තයෙන් ආසාදිතයන් 8 බැගින් වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව,  ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, සිංගප්පූරුව, ප්‍රංශය, දකුණු කොරියාව සහ නේපාලය ඇතුළු රටවල් රැසකින්ම ආසාදිතයන් වාර්තා වනවා.

චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් අද කොරෝනා වෛරස් වසංගතය කේන්ද්‍ර ගත වී ඇති වූහාන් නගරයේ සංචාරයක නිරත වුණා.

වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස චීන රජය සිය ලූනා නව වසරේ නිවාඩු කාලය පෙබරවාරි 2 වනදා දක්වා තවත් දින 3 කින් කල් දමනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories