කොරෝනා මරණ සංඛ්‍යාව 81 දක්වා ඉහළට - නයිජීරියාවෙනුත් වෛරසයක්

Monday, 27 January 2020 - 19:26

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+81+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති අතර, ලොව පුරා පුද්ගලයන් 2816 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ඉන් 2761 දෙනෙකුම චීනයේ සිටින අතර, හොංකොං දිවයිනෙන් සහ තායිලන්තයෙන් ආසාදිතයන් 8 බැගින් වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව,  ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, සිංගප්පූරුව, ප්‍රංශය, දකුණු කොරියාව සහ නේපාලය ඇතුළු රටවල් රැසකින්ම ආසාදිතයන් වාර්තා වනවා.

චීන අග්‍රාමාත්‍ය ලීී කෙකියෑන් අද කොරෝනා වෛරස් වසංගතය කේන්ද්‍ර ගත වී ඇති වූහාන් නගරයේ සංචාරයක නිරත වුණා.

වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස චීන රජය සිය ලූනා නව වසරේ නිවාඩු කාලය පෙබරවාරි 2 වනදා දක්වා තවත් දින 3 කින් කල් දමනු ලැබුවා.

හොංකොං දිවයින ද කොරෝනා වෛරසය කේන්ද්‍ර ගත වූ වූහාන් නගරය ඇතුළත්  චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට කිසිදු පුද්ගලයෙකු පැමිණීම තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, එබෝලා වෛරසයට සමාන ලස්සා නැමති වෛරස් ප්‍රභේදය හේතුවෙන් රක්තපාත උණට ගොදුරු වූ නයිජීරියානුවන් 29 දෙනෙකු මේ මාසය තුළ ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා.

නයිජීරියාවේ ප්‍රාන්ත 11කින් ආසාදිතයන් 195 දෙනෙකු සොයා ගත් බවයි එරට වසංගත රෝග පාලන ආයතනය සඳහන් කළේ. මේ නිසා මෙම වෛරස් රෝගය පැතිරීම වැළැක්වීමට නයිජීරියානු රජය විසින් පියවර රැසක් ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories