%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B7%91+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 28 January 2020 - 7:54
ඇෆ්ගනිස්ථානයේ කඩා වැටී ඇත්තේ, ඇමරිකානු හමුදා යානයක් - ප්‍රහාරයකින් බිම හෙළුෑ බව තලෙයිබාන් කියයි
3,545

Views
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේදී ඊයේ කඩා වැටුණේ තම හමුදා ගුවන් යානයක් බව ඇමරිකා එක්සත් ජනපදය පිළිගෙන තිබෙනවා.

කෙසේ නමුත්, ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා අණ දෙන නිලධාරී කර්නල් සොනි ලෙගෙට් කියා සිටියේ එය සතුරු ප්‍රහාරයකින් කඩා වැටුණේ යැයි විශ්වාස නොකරන බවයි.

ඇමරිකානු යානය කඩා වැටී ඇත්තේ තලෙයිබාන් සංවිධානයේ පාලනය සහිත ප්‍රදේශයකටයි.

එහි සිටි කිසිවෙකු දිවි ගලවා ගැනීමට සමත් නොවූ බව තලෙයිබාන් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

එමෙන්ම, එය සිය ප්‍රහාරයකින් කඩා වැටුණු බවට තවත් තලෙයිබාන් ප්‍රකාශයක් නිකුත් වී තිබෙනවා.

කෙසේ නමුත්, මෙම යානයේ ගමන් කළ පිරිස පිළිබදව ඇමරිකානු හමුදාව මෙතෙක් තොරතුරු අනාවරණ කර නැහැ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
616 Views
78,899 Views
26,268 Views
37,197 Views
12 Views
122,535 Views
Top
hirunews Sinhala,sri lanka Sinhala news,Sinhala political news,Sinhala breaking news,sports,finance,entertainment,sri lanka,lanka, sri lanka Sinhala news, lanka news, sri lanka cricket, sri lanka breaking news,Sinhala news,A Rayynor Silva Holdings Company