පසුගිය දින 02 තුල චීනයේ සිටි ලාංකික සිසුන් 204 ක් මෙරටට

Tuesday, 28 January 2020 - 7:28

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+02+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+204+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7
පසුගිය දින දෙක තුල ශ්‍රී ලාංකික සිසුන් 204 දෙනෙකු චීනයේ සිට මෙරට බලා පිටත් වූ බව බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

මේ අතර චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 65 දෙනෙකු ඊයේ (27)පස්වරුවේ දිවයිනට පැමිණියා.

ඔවුන් චීනයට අයත් ගුවන් යානා දෙකකින් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණි බවයි ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඔවුන් සියළු දෙනා වෛද්‍ය පරීක්ෂා කිරීම්වලට යොමු කිරීමට ද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම, ඊට අමතරව තවත් යානා 4ක් චීනයේ සිට දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපළ බලධාරීන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, වුහාන් ප්‍රාන්තයට ඇතුළුවීමට සහ පිටවීමට පනවා ඇති තහනම හේතුවෙන් එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම පිළිබදව චීන රජය සමඟ සාකච්ඡා සිදුකරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

 කෙසේ වෙතත්,  කිසිදු ශ්‍රී ලාංකික සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා නොවන බවට එරට තානාපති කාර්යාලය තහවුරු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර, දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින සිසුන් නිරන්තර පරීක්ෂාවන්ට යොමු වන අතර, විටින් විට ශරීර උෂ්ණත්වය නිරීක්ෂණය කරමින් සෞඛ්‍ය තත්ත්වය පිළිබදව අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

වෛරසය ආසාදිත අයෙකුගේ රෝග තත්ත්වයන් මතුවීමට දින 20ක කාලයක් ගත වන බවත් එම කාලය අවසන් වන තුරු මුඛ ආවරණ පළදින ලෙස ද සෞඛ්‍ය අංශ ඔවුන්ට දැනුම් දෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කොළඹ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ චීනයේ සිට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් නිවෙස් වලට යොමු නොකර වෙනම ස්ථානයක රදවා තබා වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවයි.



වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
Friday, 21 February 2020 - 9:30

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරීන්... Read More

මහා ශිව රාත්‍රි දිනය අදයි
Friday, 21 February 2020 - 8:36

මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා. ලොව පුරා හින්දු බැතිමතුන්... Read More

දඹුල්ලේ අනතුරකින් පිරිමි දරුවෙකු සහ කාන්තාවක් මිය ගොස් 40කට වැඩි පිරිසකට තුවාල - (ඡායාරූප)
Friday, 21 February 2020 - 8:29

දඹුල්ල - මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී සිදුවූ... Read More