%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%2C+%E0%B6%AF%E0%B7%96%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 28 January 2020 - 7:52
අද සහ හෙට කොළඹ ඇතුළු නගර කිහිපයක, දූලි අංශු ඉහළ යයි
3,090

Views
අද (28) සහ හෙට (29) යන දිනවලදී කොළඹ ඇතුළු තවත් නගර කිහිපයක වායුගෝලයේ දූවිල අංශු ප්‍රමාණය ඉහළ අගයක් ගනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එමෙන්ම, ඊයේ දිනයේ ද සුළු වශයෙන් වායුගෝලයේ දූවිල අංශු ප්‍රමාණය ඉහළ ගොස් තිබූ බවයි එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.  

මෙලෙස වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යාමට හේතුව ආසියාතික රටවල පවතින දැඩි වායු දූෂණය බව ද ඔහු කියා සිටියා. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
616 Views
78,899 Views
26,268 Views
37,197 Views
12 Views
122,535 Views
Top
hirunews Sinhala,sri lanka Sinhala news,Sinhala political news,Sinhala breaking news,sports,finance,entertainment,sri lanka,lanka, sri lanka Sinhala news, lanka news, sri lanka cricket, sri lanka breaking news,Sinhala news,A Rayynor Silva Holdings Company