එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් චීනයට පැසසුම්

Tuesday, 28 January 2020 - 9:11

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
කොරෝනා වෛරස් වසංගත තත්ත්වය පාලනය කිරීමට චීනය ගන්නා ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ සංවිධානය අගය කර තිබෙනවා.

එම සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වය පාලනය කිරීමට චීනයට ඇති හැකියාව පිළිබදව පූර්ණ විශ්වාසයක් පවතින බවයි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත සෑන් ජුන් සමඟ පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

වෛරසය රට පුරා පැතිරීම වැළැක්වීමට හා පාලනයට ජනතාවගේ අවශ්‍යතාවන්ට මූල්තැන දෙමින් චීන රජය වේගවත් හා ශක්තිමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව චීනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත සෑන් ජුන් එහිදී පෙන්වා දී ඇති බව සඳහන්.

පවතින තත්ත්වය ජය ගැනීමට චීනයට  ඕනෑම සහයෝගයක් සහ ආධාරයක් ලබාදීමට සූදානම් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් අදාළ සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, ජර්මනියෙන් ද කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වී තිබෙනවා.

ජර්මනියේ මියුනිච් හි ස්ටෑන්බර්ග් නගරයෙන් එම රෝගියා වාර්තා වී ඇති අතර, ඔහුගේ ජාතිකත්වය හෝ වයස පිළිබද මෙතෙක් තොරතුරු අනාවරණ කර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ ද කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක මතු වූ රෝගීන් 73කට එම වෛරසය ආසාදනය වී නොමැති බව සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ ලොව පුරා රටවල් 11ක කෙරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත්, මීට දින 3කට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබුණේ කොරෝනා වෛරසය ගෝලීය අර්බුදයක් නොවන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දක්වා ඇති එම ප්‍රතිචාර විදෙස් විචාරකයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories