කොරෝනා වෛරසයට මුහුණදීමට මෙරට රෝහල් 12ක් සූදානමින් - සෞඛ්‍ය අමාත්‍යාංශය

Tuesday, 28 January 2020 - 9:57

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+12%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA
කොරෝනා වෛරසයට මුහුණදීම සඳහා සියළු පළාත් ආවරණය වන පරිදි ප්‍රධාන රෝහල් 12ක් මේ වන විට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායාතනය, උතුරු කොළඹ, ගම්පහ, රත්නපුර, බදුල්ල, කරාපිටිය ඇතුළු රෝහල් 12ක් මෙලෙස සූදානම් කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

මේ අතර, ශ්‍රී ලංකාවෙන් හමුවූ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිත වූ චීන කාන්තාව දින 5ක් පුරා මෙරට සංචාරයේ නිරත වී ඇති බැවින් ඇය මෙරට කළ සංචාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඇය නවාතැන් ගෙන සිටි සංචාරක නිකේතන, සංචාරය කළ ස්ථාන මෙන්ම ඇය ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ද පළාත් සෞඛ්‍ය කාර්යාල මගින් සිදුකරන බවයි.

චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන ජාතික මෙම කාන්තාව තවත් පිරිසක් සමඟ පසුගිය දා දිවයිනට පැමිණ තිබුණා.

කෙසේ වෙතත්, එම කාන්තාව මෙරටින් පිටව යන අවස්ථාවේදී ඇති වූ උණ රෝගී තත්ත්වයක් හේතුවෙනුයි අංගොඩ අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුළත් කෙරුණේ.

එහිදී ඇයට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු කර ගනු ලැබුවා.

මේ වන විට ඇය ජාතික බෝවන රෝග විද්‍යායාතනයේ නිරෝධායනය කර සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදිත වූ චීන කාන්තාවගේ තවත් සාම්පල කිහිපයක් විශේෂ පරීක්ෂාවක් සඳහා විදේශ රටකට යොමු කිරීමට ද කටයුතු කර තිබෙනවා.

 කෙසේ නමුත් මේ පිළිබදව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසට ජනතාවට සෞඛ්‍ය අංශ දැනුම් දීමක් සිදුකරනවා.

හැකි තාක් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසට සෞඛ්‍ය අංශ දැනුම්දීමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනතාව මුඛ ආවරණ පැළද සිටින බවටයි වාර්තා වන්නේ.

මේ අතර, කොරෝනා වෛරසය පිළිබදව වාර්තා වීමත් සමඟ මුඛ ආවරණ වෙළඳපොළේ හිඟව ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

ඇතැම් ස්ථානවල ඒවා අධික මිලකින් යුක්තව අලෙවි කරන බවටයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, චීනයේ සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් රැගත් ගුවන් යානයකින් අද දිවයිනට පිටත් කිරීමට නියමිත බවයි චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කේ.කේ. යෝගානන්ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

පසුගිය දෙදින තුළ චීනයේ සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 204 දෙනෙකු මෙරටට පැමිණියා.

ඔවුන් සියළු දෙනා ගුවන් තොටුපළේ පිහිටි වෛද්‍ය පරීක්ෂා කිරීම්වලට යොමු කිරීමට ද කටයුතු කර ඇති අතර, එහිදී කිසිදු ශිෂ්‍යයෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී නැහැ.

මේ අතර, දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින සිසුන් නිරන්තර පරීක්ෂාවන්ට යොමු වන අතර, විටින් විට ශරීර උෂ්ණත්වය නිරීක්ෂණය කරමින් සෞඛ්‍ය තත්ත්වය පිළිබදව අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

වෛරසය ආසාදිත අයෙකුගේ රෝග තත්ත්වයන් මතුවීමට දින 20ක කාලයක් ගත වන බවත් එම කාලය අවසන් වන තුරු මුඛ ආවරණ පළදින ලෙස ද සෞඛ්‍ය අංශ ඔවුන්ට දැනුම් දෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ චීනයේ සිට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් නිවෙස් වලට යොමු නොකර වෙනම ස්ථානයක රදවා තබා වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවයි.

මීට අමතරව අද උදෑසන 6 සිට කටුනායක ගුවන් තොටුපළට ගුවන් මගීන්ට හැර සෙසු පුද්ගලයින්ට ගුවන් තොටුපළ පර්යන්තයට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල්, සෞඛ්‍ය හා පෝෂණ අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසය වැළදීමෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු පියවර පිළිබඳ විස්තර පත්‍රිකාවක් පාසල් වෙත යොමු කිරීමට ලබාදෙන ලෙසටයි.

සංචාරක ක්ෂේත්‍රයට කොරෝනා වෛරසයෙන් එල්ල වන බලපෑම සහ ඊට මුහුණදීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද දහවල් සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.




ආමි සමන්තගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Friday, 21 February 2020 - 10:57

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ... Read More

වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
Friday, 21 February 2020 - 9:30

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරීන්... Read More

මහා ශිව රාත්‍රි දිනය අදයි
Friday, 21 February 2020 - 8:36

මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා. ලොව පුරා හින්දු බැතිමතුන්... Read More