කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 100 ඉක්මවයි - ආසාදිතයන් 4500ක් - වෛරසය මැඬලන්න, චීනයෙන්ම ප්‍රතිජීවක ඖෂධයක්

Tuesday, 28 January 2020 - 13:04

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+100+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+4500%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AC%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%9A+%E0%B6%96%E0%B7%82%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නවතම විදෙස් වාර්තා සඳහන් කළේ ගත වූ පැය 24 තුළ එම වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1400කට ආසන්න වන බවයි.

එය ආසාදිත සංඛ්‍යාව දෙගුණ වීමක් වන අතර, ඒ අනුව චීනය පුරා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4500කට අධිකයි.

හුබෙයි ප්‍රාන්තයේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගල මරණ 24ක් වාර්තා වී ඇති අතර, 1291කට අධික ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරසයෙන් වැළකී සිටීම සඳහා එම වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

ෂැංහයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිජීවක ඖෂධය දියරක් ලෙසින් උගුරට ඉසීමට කටයුතු කරන බවයි චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත ප්‍රකාශ කළේ.

 මේ අතර, කොරෝනා වෛරස් වසංගත තත්ත්වය පාලනය කිරීමට චීනය ගන්නා ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ සංවිධානය අගය කර තිබෙනවා.

එම සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වය පාලනය කිරීමට චීනයට ඇති හැකියාව පිළිබදව පූර්ණ විශ්වාසයක් පවතින බවයි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත සෑන් ජුන් සමඟ පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

වෛරසය රට පුරා පැතිරීම වැළැක්වීමට හා පාලනයට ජනතාවගේ අවශ්‍යතාවන්ට මූල්තැන දෙමින් චීන රජය වේගවත් හා ශක්තිමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව චීනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත සෑන් ජුන් එහිදී පෙන්වා දී ඇති බව සඳහන්.

පවතින තත්ත්වය ජය ගැනීමට චීනයට  ඕනෑම සහයෝගයක් සහ ආධාරයක් ලබාදීමට සූදානම් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් අදාළ සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, ජර්මනියෙන් ද කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වී තිබෙනවා.

කැනඩාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් නව ආසාදිතයන් හමුවීම පිළිබදව ද ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ ලොව පුරා රටවල් 11ක කෙරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත්, මීට දින 3කට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබුණේ කොරෝනා වෛරසය ගෝලීය අර්බුදයක් නොවන බවයි.

එහෙත් එය අත්වැරදීමකින් සිදුකළ ප්‍රකාශයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පසුව කියා සිටියේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය දැන් යොමුව ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර වෙනත් අයට සම්ප්‍රේෂණය වන්නේ ද යන්න තහවුරු කර ගැනීමටයි.

මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දුරකථන සංවාදයකට එක්වූ කොරෝනා වෛරසය පැතිර යාම ආරම්භ වූ වූහාන් නගරයේ සිටින මෙරට සිසුවෙකු වන ලහිරු අසංක බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ජනවාරි 20 වන දාට පෙර මෙරටට පැමිණ දැනට ශ්‍රී ලංකාවේ රැදී සිටින චීන ජාතිකයින් විශේෂ පරීක්ෂාවකට ලක් කරන ලෙසයි.




ආමි සමන්තගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Friday, 21 February 2020 - 10:57

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ... Read More

වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
Friday, 21 February 2020 - 9:30

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරීන්... Read More

මහා ශිව රාත්‍රි දිනය අදයි
Friday, 21 February 2020 - 8:36

මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා. ලොව පුරා හින්දු බැතිමතුන්... Read More