ධිවර දැලක සිරවී සිටි‍ කැස්බෑවන් 15 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ (ඡායාරූප)

Monday, 10 February 2020 - 17:32

%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E2%80%8D+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%91%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+15+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නාවික හමුදාව විසින් අද (10) තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී ධීවරයින් විසින් මාළු ඇල්ලීම සඳහා යොදනු ලබන දැලක සිරවී සිටි කැස්බෑවන් 15 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කර තිබෙනවා.

වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කැස්බෑවුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නිරන්තර අවධානය යොමු කරනු ලබන නාවික හමුදාව අද (10) තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී ධීවරයින් විසින් මාළු ඇල්ලීම සඳහා යොදනු ලබන දැලක සිරවී සිටි මෙම කැස්බෑවන් 17 දෙනා දැක තිබෙනවා.

පසුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම කැස්බෑවන් ඉන් මුදවා ගැනීමට පියවර ගෙන ඇති අතර එහිදී කැස්බෑවන් දෙදෙනෙකු මියගොස් සිටි ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ඉතිරි කැස්බෑවුන් සියළු දෙනාම ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබෙනවා.

තවද, වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකියි.

මෙම වඳවි යන සත්ව විශේෂය ආරක්ෂා කර ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්ෂණය සඳහා ද නාවික පුද්ගලයින් සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරන බවයි නාවික හමුදාව වැඩි දුරටත් ප්‍රකාශ කළේ.



ඇඳිරි නීතිය උල්ලංගණය කළ 17,717 ක් අත්අඩංගුවට
Wednesday, 08 April 2020 - 7:10

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පනවා ඇති ඇඳිරි නීතිය... Read More

අද සවස දෙකෙන් පසු පළාත් කිහිපයකට වැසි
Wednesday, 08 April 2020 - 6:37

සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර, වයඹ හා උතුරු මැද පළාත්වලත් ගාල්ල,... Read More

“සුපිරි රෝස චන්ද්‍රයා” ලොවට පෙනුණු හැටි (ඡායාරූප)
Wednesday, 08 April 2020 - 6:24

මෙම වසරේ දිස්වන පුරහඳවලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි... Read More