රනිල්, සජිත් - එජාපයේ දෙපිරිසක් එකම වේලාවේ දෙපැත්තට කැදවයි

Friday, 14 February 2020 - 12:57

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද දිනයේ එම පක්ෂයේ නියෝජිතයින් දෙපිරිසක් වෙන වෙනම කැදවා තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් විපක්ෂ නායකවරයා විසින් විශේෂ හමුවක් සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත කැදවා ඇති අතර, එම පක්ෂයේම පළාත් පාලන මන්ත්‍රීවරුන් කොටසක් නායක රනිල් වික්‍රමසිංහ විසින් සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත කැදවා ඇත්තේ තවත් සාකච්ඡාවක් සඳහායි.

පක්ෂ නායකත්වයේ දැනුම්දීමට අනුව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් මේ වන විටත් එම රැස්වීම පැවැත්වෙනවා.

එමෙන්ම විපක්ෂ නායකවරයා සිදුකළ දැනුම්දීමට අනුව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ද පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක දෙකෙදී තව සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.  

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද තවත් රැස්වීමක් සඳහා කැදවා තිබුණා.

පෙරවරු 10ට පමණ ආරම්භ වූ එම රැස්වීම මේ වන විට අවසන් වී ඇති අතර, එම රැස්වීම ද පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක දෙකෙහිදීයි.

කෙසේ වෙතත්, මේ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ශවය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක, ජෝන් අමරතුංග, වජිර අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්වී නැහැ.

නව සන්ධානය ගොඩනැගීම සහ වත්මන් පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමට නියමිතයි.

මේ අතර, ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කරන ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට දෙපාර්ශවය පත් කළ කමිටුව අද පස්වරු 2.30ට රැස්වීමට නියමිත වනවා.

බොහෝදුරට එම රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිත අතර, රනිල් - සජිත් යන දෙපාර්ශවම නියෝජනය කරන සාමාජිකයින් දස දෙනෙකු එම කමිටුව ඇතුළත්.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ පාර්ශවය නියෝජනය කරමින් එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, නවීන් දිසානායක හා ජෝන් අමරතුංග යන මන්ත්‍රීවරුන් එම කමිටුවට ඇතුළත් බව වාර්තා වනවා.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් ඊට ඇතුළත්.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර පෙරේදා පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කමිටුව පත් කෙරුණු අතර ඔවුන් දෙදෙනා ද එහි සාමාජිකයන්.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී නාම යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.


අධික උෂ්ණත්වය නිසා සමහරුනට තාප අඝාතය
Friday, 28 February 2020 - 11:23

බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සහ නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම... Read More

මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට
Friday, 28 February 2020 - 11:17

මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු... Read More

ලොකු ළූණුවල අවම මිළ රුපියල් 60 සිට රුපියල් 80 දක්වා ඉහළට
Friday, 28 February 2020 - 11:05

ලොකු ළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා දැනට පවතින අවම සහතික මිළ රුපියල්... Read More