කොටියෙකුගේ දිවි බේරූ මහ රෑ මෙහෙයුම (ඡායාරූප)

Friday, 14 February 2020 - 15:29

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%96+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BB%E0%B7%91+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
උඟුලකට හසුව සිටි කඳුකර කොටියෙකුගේ දිවි ගලවා ගැනීමට නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරී පිරිසක් සමත්ව තිබෙනවා.

මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වත්තේ වගා බිමක අටවා තිබූ උඟුලකටයි ඊයේ (13) රාත්‍රියේ මෙම කොටියා හසුව ඇත්තේ.

එම ස්ථානයට ගිය නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරීන් නිරීක්ෂණය කිරිමේ දී කොටියාගේ උදරය මෙලෙස උඟුලට හසුව ඇති බවයි දැකගන්නට ලැබී ඇත්තේ.

එම අවස්ථාවේ සත්වයා මුදාගැනිමට සත්වයා නිර්වින්දනය කිරීමට අවශ්‍යව තිබු බැවින් රන්දෙණිගල පශු වෛද්‍යය කාර්යයාලයේ නිර්වින්දන පශු වෛද්‍යවරයාගේ සහය ලබා ගැනීමට ද සිදුව තිබෙනවා.

සත්වයා නිර්වින්දනය කිරීමෙන් අනතුරුව උඟුලෙන් මුදා ගැනීමට සමත්ව ඇති අතර මෙම සත්වයා අවුරුදු හතක් පමණ වන  බවයි වනජීවී නිලධාරින් පැවසුවේ.

මෙලෙස මුදවා ගත් සත්වයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රන්දෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.


ඡායාරූප - හැටන්, රංජිත් රාජපක්ෂ


අධික උෂ්ණත්වය නිසා සමහරුනට තාප අඝාතය
Friday, 28 February 2020 - 11:23

බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සහ නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම... Read More

මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට
Friday, 28 February 2020 - 11:17

මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු... Read More

ලොකු ළූණුවල අවම මිළ රුපියල් 60 සිට රුපියල් 80 දක්වා ඉහළට
Friday, 28 February 2020 - 11:05

ලොකු ළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා දැනට පවතින අවම සහතික මිළ රුපියල්... Read More