පාසල් ළමුන්ට මත් පෙති විකිණු ජාවාරම්කරු අත්අඩංගුවට

Friday, 14 February 2020 - 15:56

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තරුණයන්ට මත් පෙති විකිණූ පුද්ගලයෙකු සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් (13) රාත්‍රියෙදී සුරියවැව වැවේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සුරියවැව වැවේගම ප්‍රදේශයේ හේන් කරමින් සිටි අවුරුදු 24 හැවිරිදි තරුණයෙක්.

සැකකරු සම්බන්ධයෙන් ප්‍රදේශවාසියෙක් ලබා දුන් ඔත්තුවකට අනුවයි සුරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් මෙම
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට පත් වන අවස්ථාවේ විකිණිම සදහා රැගෙන යමින් සිටි මත් පෙති 58ක් විශේෂ කාර්ය බලකා නිලධාරින්ගේ අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පෙති වර්ගය වෛද්‍ය නිර්දේශය මත පමණක් ෆාමසිවලින් නිකුත් කරනු ලබන අතර, මෙම පෙති වර්ගය අධික වේදනා සහිත රෝගින්ට ස්නායු වේදනා වැනි අධික වේදනා සහිත රෝග සදහා පමණක් භාවිතා කරණු ලබන පෙති වර්ගයක් බවයි අනාවරණය වි ඇත්තේ.

සැකකරුට හිතවත් ෆාමසියකින් මෙම පෙති රුපියල් 55 බැගින් ලබාගෙන සුරියවැව ප්‍රදේශයේ තරුණයින් සදහා සහ පාසල් යන ළමුන්ට එක පෙත්තක් රුපියල් 100ත් 150ත් අතර මුදලකට අලෙවි කර ඇති බවයි මුලික පරික්ෂණ වලදී අනාවරණය වි ඇත්තේ.

අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ෂණ සදහා සුරියවැව පොලීසියට බාර දී ඇති අතර සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත්
අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.


අධික උෂ්ණත්වය නිසා සමහරුනට තාප අඝාතය
Friday, 28 February 2020 - 11:23

බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සහ නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම... Read More

මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට
Friday, 28 February 2020 - 11:17

මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු... Read More

ලොකු ළූණුවල අවම මිළ රුපියල් 60 සිට රුපියල් 80 දක්වා ඉහළට
Friday, 28 February 2020 - 11:05

ලොකු ළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා දැනට පවතින අවම සහතික මිළ රුපියල්... Read More