ඇන්ටාක්ටිකාවේ උෂ්ණත්වය ඉහළට

Saturday, 15 February 2020 - 7:33

%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
දක්ෂිණ ධ‍්‍රැවයේ පිහිටි හිමෙන් වැසුණු ඇන්ටාක්ටිකා මහද්වීපයේ උෂ්ණත්වය ප්‍රථමවරට සෙල්සියස් අංශක 20 ඉක්මවා තිබෙනවා.

එහි උෂ්ණත්වය පසුගිය 9 වන දා සෙල්සියස් අංශක 20.75ක් ලෙස සටහන්ව ඇති අතර, එවැනි උෂ්ණත්වයක් ඇන්ටාක්ටිකා මහද්වීපයේ කිසිදා වාර්තා නොවූ බවයි බ්‍රසීල විද්‍යාඥ කාලෝස් ෂේෆර් සඳහන් කළේ.

මෙය ලෝක කාලගුණ වෙනස පිළිබඳ ප්‍රවනතාව පිළිබිඹු කරන අතර, මිහිතලය උණුසුම් වන බව තවදුරටත් සනාථ කරන්නේ යැයි ඔහු කියා සිටියා.

මෙම උෂ්ණත්ව මාපක සටහන් ලබාගෙන ඇත්තේ ඇන්ටාක්ටිකා මහද්වීපයේ උතුරුදිග කෙළවර පිහිටි දිවයිනකින්. එහි ආර්ජන්ටිනා පර්යේෂණ මධ්‍යස්ථානයක් ද පිහිටා තිබෙනවා.

ඇන්ටාක්ටිකාවෙන් මීට පෙර වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 19ක්. මේ අතර, එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා සංවිධානය ප්‍රකාශ කළේ පසුගිය දශකය මිහිපිට වාර්තා වූ උණුසුම්ම දශකය වන අතර, 2016 වසර උණුසුම්ම වසර බවයි.

එමෙන්ම දෙවැනුව උණුසුම්ම වසර ලෙස 2019 සටහන් වූ අතර, මේ වසරේදී ද එම ප්‍රවනතාව අඛණ්ඩව සිදුවන බව පෙනී යනවා.

පසුගිය ජනවාරි මාසය මෙතෙක් වාර්තා වූ උණුසුම්ම ජනවාරි මාසය වීම ඊට සලකුණක්.


දිල්ලියේ මිය ගිය ගණන 13 දක්වා ඉහළට
Wednesday, 26 February 2020 - 7:39

පුරවැසි පනත මුල් කරගෙන දිල්ලියේ පැවති විරෝධතා අතර ප්‍රචණ්ඩකාරී... Read More

හොස්නි මුබාරක් අභාවප්‍රාප්ත වෙයි
Tuesday, 25 February 2020 - 20:22

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් මියගොස් තිබෙනවා.... Read More

කොරෝනා වෛරසයේ බලපෑමෙන් ආසියාකරයේ කොටස් වෙළඳපොළ කඩා වැටීමක්
Tuesday, 25 February 2020 - 12:01

කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසයේ ආර්ථිකමය බලපෑම හේතුවෙන්... Read More