කොරෝනා වෛරසය නිසා සිංගප්පූරුවේ විවාහ උත්සවත් කල් යයි

Saturday, 15 February 2020 - 10:15

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දැනට වාර්තා වී ඇති කොවිඞ් - නයිටීන් හෙවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 67,079ක් අතුරින් 66,484ක් වාර්තා වන්නේ වෛරසය කේන්ද්‍රය වූ හුබෙයි ප්‍රාන්තය ඇතුළු චීනයේ ප්‍රදේශවලින්.

ජපානයේ ඔකිනාවා නුවරට ඔබ්බෙන් මගී නෞකාවක ආසාදිතයන් 219 දෙනෙකු වාර්තා වන අතර සිංගප්පූරුවෙන් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 67ක්.

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් සිංගප්පූරුවේ නව යුවළ සිය විවාහ උත්සව කල් දැමීමට කටයුතු කරන බව ද වාර්තා වනවා.

විදේශයන් හි සිට පැමිණෙන අමුත්තන් වෛරසයට ගොදුරු වීමේ අවදානම ඊට හේතුවයි. වෛරසයේ අවදානම හේතුවෙන් සිංගප්පූරුවේ කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, ලන්ඩනයේ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා සහභාගි වූ සමුළුවක සිටි 250කට අධික පිරිසක් පරීක්ෂා කිරීමට එංගලන්ත බලධාරීන් තීරණය
කළා.

පෙබරවාරි 6 වන දා ලන්ඩනයේ පැවති එම සමුළුවට සහභාගි වූ චීන ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුව සොයා ගැනුණා.


පෘථිවිය පැතලි බව ඔප්පු කිරීමට ගිය ඇමරිකානුවෙකු රොකට් අනතුරකින් මියයයි
Sunday, 23 February 2020 - 14:05

පෘථිවිය පැතලි බව විශ්වාස කරන විස්මිත ක්‍රියාවලින් ප්‍රසිද්ධියට... Read More

ඊශ්‍රායලය වසරක් තුළ තුන්වන මැතිවරණයට සූදානම්
Sunday, 23 February 2020 - 11:33

පසුගිය වසරේ අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවල පැවැත්වුණු මැතිවරණවලින්... Read More

ඉතාලියේ දෙවන කොරෝනා වෛරස් මරණයත් වාර්තාවෙයි - ආසාදිත සංඛ්‍යාව 80 දක්වා ඉහළට
Sunday, 23 February 2020 - 10:30

කොවිඞ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ දෙවන මරණය... Read More