පන්නන්න හැදූ කෝටි 10ක රත්‍රං යාපනය මුහුදේදී අත්අඩංගුවට

Saturday, 15 February 2020 - 10:29

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%96+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+10%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුතු රත්‍රං තොගයක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාවට අයත් ඩිංගි යාත්‍රාවක් මගින් ඊයේ සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, වැඩිදුර පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම යාත්‍රාව අණ නොතකා යාත්‍රා කර ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ යාත්‍රාව හඹා ගොස් එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

එහිදී සිදුකළ මෙහෙයුමකදී මෙම රත්‍රං සමඟ පාර්සලය සොයාගෙන තිබෙනවා.

ඒ තුළ රත්‍රං කිලෝ 14යි ග්‍රෑම් 35ක ප්‍රමාණයක් තිබී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි වියේ පසුවන්නන්.

ඔවුන් දෙදෙනා සහ අදාළ යාත්‍රාව කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.



ඇඳිරි නීති බලපත්‍ර අවසන් වන කාලය දීර්ඝ කෙරේ
Wednesday, 08 April 2020 - 8:08

එළඹෙන 10 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීති බලපත්‍ර... Read More

ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ හමුවක් අද
Wednesday, 08 April 2020 - 7:42

ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද... Read More

‘‘රට වෙනුවෙන් හිරු’’ අද කොළඹ සහ ගම්පහ (වීඩියෝ)
Wednesday, 08 April 2020 - 7:37

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද, සරණක් අවැසිව... Read More