බීජිං නුවරට පැමිණෙන ආගන්තුකයන් දින 14ක් රදවා ගැනේ

Saturday, 15 February 2020 - 12:38

%E0%B6%B6%E0%B7%93%E0%B6%A2%E0%B7%92%E0%B6%82+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B6%86%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+14%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
චීනයේ බීජිං අගනුවරට රටේ අනෙකුත් ප්‍රදේශවලින් පැමිණෙන සියල්ලන් දින 14ක කාලයක් වෙන් කොට තැබීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ, කොවිඩ් - නයිටීන් හෙවත් කොරෝනා වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින්.

එමෙන්ම, එලෙස වෙන් කොට තැබීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ට එරෙහිව දඬුවම් පැමිණවීමට ද චීන බලධාරීන් සූදානම්. කෙසේ නමුත්, විදේශයන්හි සිට බීජිං නුවරට පැමිණෙන පුද්ගලයන්ට අදාළ නීතිය බල පවත්වන්නේ කෙසේ ද යන්න පැහැදිලි කර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 1526 දක්වා ඉහළ ගොස් ඇති අතර, ලොව පුරා ආසාදිත සංඛ්‍යාව 67,000 ඉක්මවා තිබෙනවා.

ලොව රටවල් 50කට අධික සංඛ්‍යාවක් චීනයේ සංචාර සඳහා සීමාවන් පනවනු ලැබුවා.

එමෙන්ම, අප්‍රිකානු මහද්වීපයේ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා ඊයේ ඊජිප්තුවෙන් වාර්තා වූ අතර, විදේශිකයෙකු වන එම ආසාදිතයා මේ වන විට වෙන් කොට ප්‍රතිකාර කරන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අතර, කොරෝනා වෛරස් අවදානම නිසා  ඕස්ට්‍රේලියානු රජය පැනවූ සංචාර සීමාවන් හේතුවෙන් ලබන සතියේ මෙල්බර්න් නුවර දී ආරම්භ වන ලෝක කුසලාන ජිම්නාස්ටික් තරගාවලියෙන් චීන ජිම්නාස්ටික් කණ්ඩායම ඉවත් වී තිබෙනවා.

දැනට වාර්තා වී ඇති කොවිඩ් - නයිටීන් හෙවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 67,088ක් අතුරින් 66,493ක් වාර්තා වන්නේ වෛරසය කේන්ද්‍රය වූ හුබෙයි ප්‍රාන්තය ඇතුළු චීනයේ ප්‍රදේශවලින්.

ජපානයේ ඔකිනාවා නුවරට ඔබ්බෙන් මගී නෞකාවක ආසාදිතයන් 219 දෙනෙකු වාර්තා වන අතර සිංගප්පූරුවෙන් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 67ක්.

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් සිංගප්පූරුවේ නව යුවළ සිය විවාහ උත්සව කල් දැමීමට කටයුතු කරන බව ද වාර්තා වනවා. විදේශයන් හි සිට පැමිණෙන අමුත්තන් වෛරසයට ගොදුරු වීමේ අවදානම ඊට හේතුවයි.

වෛරසයේ අවදානම හේතුවෙන් සිංගප්පූරුවේ කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, ලන්ඩනයේ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා සහභාගි වූ සමුළුවක සිටි 250කට අධික පිරිසක් පරීක්ෂා කිරීමට එංගලන්ත බලධාරීන් තීරණය කළා.

පෙබරවාරි 6 වන දා ලන්ඩනයේ පැවති එම සමුළුවට සහභාගි වූ චීන ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුව සොයා ගැනුණා.

මේ අතර දින 14 ක කාලයක් වූහාන් සිට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු ශ්‍රී ලාංකිකයන් 33 දෙනා ඊයේ යහපත් සෞඛ්‍ය තත්වයෙන් තම නිවෙස් වෙත පිටත්ව ගියා.

එලෙස නිරෝධානයට ලක් කෙරුණු වූහාන්හි වසර 6 ක කාලයක් උසස් අධ්‍යාපනය හදාරණ ශිෂ්‍යයෙකු වන ගිහාන් දුලංජය තම අත්දැකීම හිරු ප්‍රවෘත්ති අංශයට විස්තර කළා.

එහිදී ඔහු කියා සිටියේ අපේක්ෂා නොකළ තරම් සංග්‍රහ කටයුතු හා පහසුකම්, එම දින කිහිපය තුළ දී තමන් ඇතුළු පිරිසට ලැබුණු බවයි.

එමෙන්ම කොවිඞ් - 19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පත් කෙරුණු මෙරට ජාතික ක්‍රියාකාරී කමිටුව ඉදිරි සතියේදී රැස්වීමට නියමිත බව සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

කෙසේ වෙතත් ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ චෝදනා කළේ සති එකහමාරකින් පමණ අදාළ කමිටුව රැස්වී නොමැති බවයි.

මේ අතර, අයි.ඩී.එච්. හෙවත් බෝවන රෝග විද්‍යායතනයේ මේ වනවිට කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන  රෝගීන් රෝහල්ගතවීමේ ප්‍රවණතාව අඩුවී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළා.





අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයට, කිසිදු සම්බන්ධයක් නෑ - ආදි ශිෂ්‍යා සංගමය
Sunday, 23 February 2020 - 22:14

නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට එම විද්‍යාලයේ... Read More

ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් හතරදෙනෙකු මරුට (වීඩියෝ)
Sunday, 23 February 2020 - 21:10

යාපනය - නුවර ප්‍රධාන  මාර්ගයේ ඕමන්තේ - පන්ද්‍රික්කකෙයිදකුලම්... Read More

දේශපාලන පක්ෂයක් ලෙස, අවසන්වී යන කණ්ඩායමක් බවට UNPය පත් වෙලා - අනුර
Sunday, 23 February 2020 - 20:53

විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට නොහැකි මෙන්ම, දේශපාලන පක්ෂයක්... Read More