දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති පාස්කු කොමිසමට සාක්ෂි දෙයි

Saturday, 15 February 2020 - 12:45

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම ඉදිරියේ දුම්මලසූරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල කුමාර ගමගේ ඊයේ සාක්ෂි ලබාදුන්නා.

2018 වසරේ දෙසැම්බර් මස 26 වන දින ප්‍රදේශයේ පුරාණ මුස්ලිම් දේවස්ථානයක තිබූ වසර 300 ක් පමණ පැරණි සොහොන් කොතක් ගිනි තබා හානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහිදී කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු ලබාදුන් අදාළ පොලිස් නිලධාරියා කියා සිටියේ එම වසරේ දෙසැම්බර් 25 වනදින මෙවැනි සිදුවීමක් සිදුව ඇති බව පවසමින් 26 වනදින පිරිසක් පැමිණ පොලීසියට පැමිණිල්ලක් සිදුකළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගත්තේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලබාදුන් පොලිස් නිලධාරියා කියා සිටියේ පරීක්ෂණ සිදුකළ අතර කල්ගත වීමෙන් අනතුරුව ලද තොරතුරක් අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බවයි.

එහිදී අනාවරණය වූයේ මොහොමඞ් මන්සූර් හෙවත් තායුක් නමැති පුද්ගලයෙකු අදාළ සිද්ධිය සිදුවූ දිනයේ සිට ප්‍රදේශයෙන් අතුරුදන්වී ඇති බවටයි.

විමර්ශන සිදුකළ ද, තායුක් නමැති එම පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වූ බවයි ඔහු ප්‍රකාශ කළේ.

අනතුරුව 2019 වසරේ අප්‍රේල් 21 වනදින පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව එහි ප්‍රධාන සැකකරු වූ සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ඡායාරූප පොලිස් මූලස්ථානය විසින් ප්‍රසිද්ධියට පත් කළ අතර, එම ඡායාරූප අතර අදාළ තායුක් නමැති පුද්ගලයා ද සිටි බවට තමා හඳුනා ගත් බවයි අදාළ පොලිස් නිලධාරියා කොමිසම හමුවේ කියා සිටියේ.

ඒ අනුව, තවදුරටත් පරික්ෂණ සිදුකර ඇති අතර, 2019 අප්‍රේල් මස 29 වනදින ඔහුගේ නිවසේදීම අදාළ තායුක් නමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

 තවදුරටත් අදාළ පොලිස් නිලධාරියාගෙන් කොමිසම ප්‍රශ්න කරමින් විමසා සිටියේ දේශපාලනඥයින් විසින් ඔහුට දුරකථන ඇමතුම් ලබා දුන්නේ ද යන්න පිලිබඳවයි.

ඊට පිළිතුරු ලබා දුන් අදාළ පොලිස් නිලධාරියා 2018 වසරේ මුස්ලිම් දේවස්ථානයේ සොහොන් කොතට හානි සිදුකිරීමෙන් අනතුරුව, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අවස්ථා කිහිපයකදී දුරකථන ඇමතුම් ලබා දුන් බව කියා සිටියා.

අදාළ පරික්ෂණ පිළිබඳව ඔවුන් දෙදෙනාම තොරතුරු විමසා බැලූ බව ද එම නිලධාරියා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. මේ අතර, සහරාන් හෂීම් පාස්කු ප්‍රහාරය සිදුවීමට වසර දෙකකට පමණ පෙරදී එම ප්‍රදේශයේ සංචාරය කර ඇති බවට ද තොරතුරු වාර්තා වූ බව ප්‍රකාශ කළ එම පොලිස් නිලධාරියා, කොමිසම හමුවේ කියා සිටියේ සහරාන් හෂීම් එහි දේශන කිහිපයක් ද පවත්වා ඇති බවට ද තොරතුරු පවතින බවයි.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්
Wednesday, 26 February 2020 - 10:58

ගුරු -  විදුහල්පති උද්ඝෝෂනයක් හේතුවෙන් මාර්ග අංක 174, කොට්ටාව... Read More

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
Wednesday, 26 February 2020 - 10:50

වයඹ, බස්නාහිර පළාත්වලට මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල... Read More

කොවිඩ් නයින්ටීන් වෛරසය නිසා චීනයේ තවත් මරණ 52ක්
Wednesday, 26 February 2020 - 10:08

කොවිඞ් නයින්ටීන් වෛරසය හේතුවෙන් චීනයෙන් නව මරණ 52ක් වාර්තා... Read More