සංහිඳියාව සහ සාමය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව නිවැරදි මාවතේ - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂෙනුකා සෙනෙවිරත්න

Saturday, 15 February 2020 - 12:53

%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A+-+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B7%82%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1
ශ්‍රී ලංකාව සංහිදියාව සහ තිරසර සාමය ළඟා කර ගැනීම උදෙසා සිය ගමන් මාර්ගයේ ඉදිරියට කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන ෂෙනුකා සෙනෙවිරත්න ජගත් ආරක්ෂක මණ්ඩල විවාදයකට එක්වෙමින් ප්‍රකාශ කළා.

සාමය ගොඩනැගීම සහ තිරසර සාමය, ගැටුම්වල සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් වාතාවරණයන් යන මැයෙන් මෙම විවාදය පැවැත්වුණේ ආරක්ෂක මණ්ඩලයේ වත්මන් සභාපති ධුරය හිමි බෙල්ජියමේ ඉල්ලීමකට අනුවයි.

එහිදී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ බාහිර වශයෙන් ඉදිරිපත් කෙරෙන කාලවිරාමයන් සහ ඉලක්කයන්ට අනුව කටයුතු කිරීමෙන් සංහිදියා ක්‍රියාවලියේ ප්‍රගතියක් ලැබීම දුෂ්කර බවයි.

සැබෑ තත්ත්වයන් යථාර්ථවාදී ලෙස සලකා බලමින් එය සිදුවිය යුතු බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂෙනුකා සෙනෙවිරත්න වැඩිදුරටත් සඳහන් කළා.

සංක්‍රාන්තික යුක්තියට අදාළ යාන්ත්‍රණයන් සරල මූලධර්ම මත සැකසිය නොහැකියි. එහිදී විවිධ ඓතිහාසික, සංස්කෘතික සහ ආගමික සංවේදීතාවන් ද සැලකිල්ලට ගත යුතු බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පෙන්වා දුන්නා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ අලූතින් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මානව හිමිකම්, දේශපාලන හා ආර්ථික නිදහස ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාව තුළ සහතික කිරීමට ප්‍රතිඥා දී ඇති බවයි.

ස්වෛරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සිය ප්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කරන අතර, දේශීය සංහිදියා යාන්ත්‍රණයක් ඔස්සේ තිරසර සාමය ගොඩනංවමින් සිටින බව ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂෙනුකා සෙනෙවිරත්න ජගත් ආරක්ෂක මණ්ඩල විවාදයේදී කියා සිටියා.


අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයට, කිසිදු සම්බන්ධයක් නෑ - ආදි ශිෂ්‍යා සංගමය
Sunday, 23 February 2020 - 22:14

නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට එම විද්‍යාලයේ... Read More

ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් හතරදෙනෙකු මරුට (වීඩියෝ)
Sunday, 23 February 2020 - 21:10

යාපනය - නුවර ප්‍රධාන  මාර්ගයේ ඕමන්තේ - පන්ද්‍රික්කකෙයිදකුලම්... Read More

දේශපාලන පක්ෂයක් ලෙස, අවසන්වී යන කණ්ඩායමක් බවට UNPය පත් වෙලා - අනුර
Sunday, 23 February 2020 - 20:53

විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට නොහැකි මෙන්ම, දේශපාලන පක්ෂයක්... Read More