අලුතින් ලියාපදිංචි වන දේශපාලන පක්ෂ ගැන, මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක්

Saturday, 15 February 2020 - 13:00

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉදිරි මහ මැතිවරණය සහ අලූතින් ලියාපදිංචි වන දේශපාලන පක්ෂවල සලකුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන බදාදා පැවැත්වෙනවා.

ඒ, එහි සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ හදවත සලකුණ සම්බන්ධයෙන් යම් වෙනසක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බවයි කොමිසමේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, සමගි ජන බලවේගය විසින් එම සලකුණ ඉල්ලා ඇතත්, මැතිවරණයකදී එම කොමිසම පිළි ගන්නා ලකුණු නාමාවලිය තුළ හදවත සලකුණ නොමැතිවීම හේතුවෙන් එය ලබාදීම මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වනවා.

මේ අතර, සමගි ජන බලවේගයට අලියා ලකුණ ලබා ගැනීමට නීතිමය ගැටලූ මතුවුවහොත් හංසයා ලකුණින් තරඟ වැදීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ශවය සහ විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය එකඟතාව පළ කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ලකුණ සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට පැමිණීම සඳහා නීතිඥ කමිටුවකට එම කටයුතු භාර දී ඇති බවයි.

ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන ලකුණ සම්බන්ධයෙන් රනිල් පාර්ශවය සහ සජිත් පාර්ශවය අතර තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.

පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් සමගි ජනබලවේගය සන්ධානය පිහිටුවා ගනු ලැබුව ද, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය යෝජනා කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ සියලූදෙනාම අලියා ලකුණින් තරඟ කළ යුතු බවයි.

කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මෙම යෝජනාවට සජිත් පාර්ශවයේ එකඟතාව හිමි නොවූ අතර, ඔවුන්ගේ ස්ථාවරය වූයේ අලියා ලකුණ, සමගි ජන බලවේගයේ ලකුණ බවට පත්විය යුතු බවයි.

මෙම ගැටලූව නිරාකරණය කර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පාර්ශව අතර සාකච්ඡා පැවතුණ ද එකඟතාවකින් තොරව ඒවා අවසන් වුණා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අලියා ලකුණ නව සන්ධානයට ලබාදීමට එහිදී දෙපාර්ශවයේම එකඟතාව පළ වූ බවයි.

කෙසේ වෙතත්, අලියා ලකුණ සමගි ජනබලවේගයට ලබා ගැනීමට නීතිමය ගැටලූවක් මතුවුවහොත් හංසයා ලකුණින් තරඟ වැදීමට දෙපාර්ශවයම එකඟ වී ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඉදිරි මැතිවරණයේදි හංසයා ලකුණින් තරඟ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

මේ අතර, පසුගිය වසර කිහිපය තුළ අසාර්ථක පාලනයක් ගෙන ගිය එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කළ ද ඉදිරි මහ මැතිවරණයේදී එය තම පක්ෂයට කිසිදු අභියෝගයක් නොවන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ අස්ගිරි මහ විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.




ඇඳිරි නීති බලපත්‍ර අවසන් වන කාලය දීර්ඝ කෙරේ
Wednesday, 08 April 2020 - 8:08

එළඹෙන 10 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීති බලපත්‍ර... Read More

ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ හමුවක් අද
Wednesday, 08 April 2020 - 7:42

ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද... Read More

‘‘රට වෙනුවෙන් හිරු’’ අද කොළඹ සහ ගම්පහ (වීඩියෝ)
Wednesday, 08 April 2020 - 7:37

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද, සරණක් අවැසිව... Read More