මාලි රාජ්‍යයේ ගැටුම්වලින් 30 දෙනෙකු මරුට

Saturday, 15 February 2020 - 13:14

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+30+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අප්‍රිකානු මාලි රාජ්‍යයේ ඊයේ ඇති වූ සිද්ධීන් 3කදී පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

රට මධ්‍යයේ පිහිටි ගම්මානයකට එල්ල වූ වර්ගවාදී ප්‍රහාරයකින් පුද්ගලයන් 21 දෙනෙකු මිය ගොස් ඇති අතර, සන්නද්ධ කණ්ඩායමක් සැඟවී එල්ල කළ ප්‍රහාරයකින් මාලි හමුදා සෙබලුන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ගාවෝ ප්‍රදේශයේ හමුදා කදවුරකට එල්ල වූ ප්‍රහාරයකින් ද සෙබලෙකු මිය ගොස් තිබෙනවා.

ඔගොසුගු නැමති ගම්මානයට ඊයේ එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ ෆුලානි නැමති මුස්ලිම් ගොපළු වැසියන් පිරිසක්.

ඔවුන් කලාපයේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධ බවට මාලි රාජ්‍යයේ ඩොගොන් ඇතුළු අනෙකුත් ජන වර්ග චෝදනා කරනවා.

පසුගිය මාර්තු මාසයේ එම ගම්මානයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 160 දෙනෙකු මිය ගිය අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවූයේ ඩොගොන් ජන කොටසටයි.

මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකික හමුදා සෙබළුන් ඇතුළු 13,000ක ජගත් සංවිධාන සාම සාධක භට පිරිසක් ද රදවා සිටිනවා.


පෘථිවිය පැතලි බව ඔප්පු කිරීමට ගිය ඇමරිකානුවෙකු රොකට් අනතුරකින් මියයයි
Sunday, 23 February 2020 - 14:05

පෘථිවිය පැතලි බව විශ්වාස කරන විස්මිත ක්‍රියාවලින් ප්‍රසිද්ධියට... Read More

ඊශ්‍රායලය වසරක් තුළ තුන්වන මැතිවරණයට සූදානම්
Sunday, 23 February 2020 - 11:33

පසුගිය වසරේ අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවල පැවැත්වුණු මැතිවරණවලින්... Read More

ඉතාලියේ දෙවන කොරෝනා වෛරස් මරණයත් වාර්තාවෙයි - ආසාදිත සංඛ්‍යාව 80 දක්වා ඉහළට
Sunday, 23 February 2020 - 10:30

කොවිඞ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ දෙවන මරණය... Read More