මෝටර් රථයක ගැටී කුඩා දැරියක මිය යයි

Saturday, 15 February 2020 - 13:56

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වැල්ලවාය - වීරවිල මාර්ගයේ කුඩාඔය ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අවුරුදු හතර හමාරක දැරියක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ ඇය තම මව සමඟ අසල්වැසි නිවසකට ගොස් ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව ගෙමිදුලෙන් ඉවතට ගොස් මාර්ගයට විසිවී ඇති අතර එය රැගෙන ඒම සඳහා ගිය අවස්ථාවේ මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර, ගොඩගම - බොරැල්ල මාර්ගයේ පනාගොඩ හන්දියේදී අධික වේගයෙන් පැමිණි ටිපර් රථයක්, මාර්ගය අසළ නවතා තිබූ යතුරුපැදියක ගැටී අද පෙරවරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පැමිණි කාන්තාව ජීවිතක්ෂයට පත්වුණා.

36 හැවිරිදි දෙදරු මවක් වන ඇය සමඟ, යතුරුපැදියේ පැමිණි අවුරුදු 6ක කුඩා දරුවා ද තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරෙන් පසු අදාළ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයට, කිසිදු සම්බන්ධයක් නෑ - ආදි ශිෂ්‍යා සංගමය
Sunday, 23 February 2020 - 22:14

නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට එම විද්‍යාලයේ... Read More

ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් හතරදෙනෙකු මරුට (වීඩියෝ)
Sunday, 23 February 2020 - 21:10

යාපනය - නුවර ප්‍රධාන  මාර්ගයේ ඕමන්තේ - පන්ද්‍රික්කකෙයිදකුලම්... Read More

දේශපාලන පක්ෂයක් ලෙස, අවසන්වී යන කණ්ඩායමක් බවට UNPය පත් වෙලා - අනුර
Sunday, 23 February 2020 - 20:53

විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට නොහැකි මෙන්ම, දේශපාලන පක්ෂයක්... Read More