ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ හොංකොං වැසියන් ඉවත් කරගැනීමට ගුවන් යානයක්

Sunday, 16 February 2020 - 9:03

%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලොව පුරා කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 69,186 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් 68,500 ක් චීනයෙන් වාර්තාවන අතර, 285 දෙනෙකු වාර්තාවන්නේ ජපානයේ යොකොහමා වරායට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන්.

ඊට අමතරව හොංකොං සහ මැකාවු මෙන්ම ශ්‍රී ලංකාව ඇතුලු තවත් රටවල් 26 කින් කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තාවුණා.

මේ අතර ඩයමන්ඞ් ප්‍රින්සස් සුපිරි මගී නෞකාවේ සිටින සිය පුරවැසියන් ඉවත් කරගැනිම සඳහා හොංකොං දේශය අද ජපානය වෙත ගුවන් යානයක් පිටත් කර යැවීමට නියමිත බව වාර්තාවනවා.

නෞකාවේ සිටින 3700 ක් පමණ මගීන් අතුරෙන් 330 දෙනෙකු හොංකොං හි පදිංචිකරුවන් බව සඳහන්.

හොංකොං මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයද ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින සිය පුරවැසියන් ඉවත් කරගැනීමට ඉල්ලීමක් කර තිබූ අතර, ඒ සඳහා අද දිනයේ ගුවන් යානයක් පිටත් කර යැවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories