කොවිඞ් - 19 හෙවත් කොරෝනා වෛරසයේ නව ආසාදිතයන් සංඛ්‍යාව චීනයේ සුළු වශයෙන් අඩුවීමක් දක්නට ලැබෙන බව එරට ජාතික සෞඛ්‍ය කොමිසමේ දත්තවලින් අනාවරණ වනවා.
කෙසේ නමුත් සති 3 කට පසු චීනයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 68,500 දක්වා ඉහළ ගියා.
ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2009ක් වන අතර, ඊට පෙර දින ආසාදිතයන් 2641ක් වාර්තාවුණා.
වෛරසයෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාවද පෙරදිනට වඩා එකකින් අඩුවී තිබෙනවා. කෙසේ නමුත් ඊයේ දිනයේදී චීනයේ කොරෝනා වෛරස් ආසාදිතයන් 142 කු ජිවිතක්ෂයට පත්වූ අතර, ඉන් හතරදෙනෙකු හැර සියල්ලන්ම වෛරසය කේන්ද්‍රගතවූ හුබෙයි ප්‍රාන්තයේ වැසියන්.
කොරෝනා වෛරසය පසුගිය දෙසැම්බරයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් වන සත්ව වෙළඳපොල හරහා ඇතිවූ බවටයි විශ්වාස කෙරෙන්නේ.
මේ අතර ජපානයේ යොකොහමා නුවරට ඔබ්බෙන් නතර කර ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 70 දෙනෙකු සොයාගෙන ඇති අතර, ඒ අනුව එහි මුළු ආසාදිතයන් සංඛ්‍යාව 355 දක්වා ඉහළ යනවා.

Follow US
Most Viewed Stories