එජාප සන්ධානයේ ලකුණ ගැන අවසන් තීරණය නීති කමිටුවෙන්

Monday, 17 February 2020 - 13:01

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණය දෙපාර්ශවය විසින් පත් කර ඇති නීතීඥ කමිටුව විසින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම්දීමට නියමිතව තිබෙනවා.

සමගි ජාතික බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පත් කළ නීතීඥ කමිටුව මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අනතුරුව ඔවුන් සිය තීරණය අනිද්දා රැස්වන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත දැනුම්දීමටයි නියමිතව ඇත්තේ.

එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අනිද්දා පෙරවරු 10 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කැඳවා තිබෙනවා.

සමගි ජාතික බලවේගය විසින් හදවත සලකුණ ඉල්ලා ඇතත්, සලකුණු නාමාවලියේ නොමැතිවීම හේතුවෙන් එය ලබාදීමට මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

එසේම හෙටින් ආරම්භවන පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක්ද අද පස්වරු 3 ට කැඳවා තිබෙනවා.

ඊට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් එක්වීමට නියමිතයි.

මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ උකස් තැබීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories