ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අද මැතිවරණ කොමිෂන් සභාවේ නව පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරිමට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡුනය වන්නේ පොහොට්ටුවයි. එහි නායකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්ව සිටිනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහි ලේකම්වරයායි.
ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් - රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර එහි ජාතික සංවිධායකවරුන් ලෙස නම් කර තිබෙනවා.
නව සන්ධානයේ නියෝජ්‍ය සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ලෙසත්, නියෝජ්‍ය ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ලෙසත් නම් කර ඇති අතර, එහි උප ලේකම්වරයා ලෙස පත්වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළයි.
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ උප සභාපතිවරුන් තුන් දෙනෙකු නම් කර තිබෙනවා. ඒ, තිස්ස විතාරණ, රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ඩිව් ගුණසේකරයි.
එමෙන්ම, නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ලබාදුන් කාලය ද අද පස්වරු 4න් අවසන් වුණා.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් හෙට පැවැත්වීමට නියමිතයි.

Follow US
Most Viewed Stories