කොරෝනා වෛරස් අවදානම නිසා, ජපන් අධිරාජ්‍යයාගේ උපන්දින සැමරුමත් අත්හිටුවයි

Monday, 17 February 2020 - 16:21

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%2C+%E0%B6%A2%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානම හේතුවෙන් ජපාන  නරුහිතෝ අධිරාජ්‍යයාගේ උපන්දින සැමරුම් උත්සවය ද අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව ලබන 23 වන දාට යෙදී ඇති උපන්දිනය දා නරුහිතෝ අධිරාජ්‍යයා මහජනයා ඉදිරියේ පෙනී නොසිටින අතර, මහජනයා ඔහුට සුබ පැතීමේ ලේඛනය අත්සන් තැබීමේ අවස්ථාව ද අවලංගු කර ඇති බව සඳහන්.

නරුහිතෝ අධිරාජ්‍යයා මෙවර සමරන්නේ පසුගිය වසරේ කිරුළු පැළදීමෙන් පසු ඔහුගේ ප්‍රථම ඡන්ම දිනයයි.

කොරෝනා වෛරස් අවදානම නිසා මාර්තු 1 වන දාට යෙදී ඇති ටෝකියෝ ජාත්‍යන්තර මැරතන් ධාවනයේ ආධුනික අංශ තරඟය ද අවලංගු කර ඇති බවයි ජපාන මාධ්‍ය සඳහන් කළේ.

ජපානයේ මේ වන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 60 දෙනෙකු සොයා ගෙන ඇති අතර, එක් මරණයක් වාර්තා වුණා.

යොකොහමා වරායට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවෙන් සොයා ගැනුණු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 356 ක්.

3700 ක වැඩි පිරිසක් සිටින, එම නෞකාවේ සිටි ඇමරිකානුවන් 400 දෙනෙකු පමණ ගුවන් මගින් ඉවත් කර ගනු ලැබූ අතර, කොරෝනා වෛරස් ආසාදිතයන් 14 දෙනෙකු ඒ අතර සිටි බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේ.

නෞකාවෙන් ඉවත් කර ගන්නා ඇමරිකානුවන් කැලිෆෝනියාවේ ඇමරිකානු ගුවන් හමුදා කදවුරේ දින 14 ක් රදවා තැබීමට පියවර ගැනෙනවා.

නෞකාවේ සිටි වෛරසය ආසාදනය වූ ඇමරිකානුවන් 40 දෙනෙකු මෙලෙස ඉවත් කර ගැණුනේ නැහැ.

මේ අතර, යොකොහමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ සිටින 200 කට වැඩි සිය පුරවැසියන් ඉවත් කර ගන්නා බව ඕස්ට්‍රේලියාව ද ප්‍රකාශයට පත් කළා.

එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කියා සිටියේ නෞකාවේ සිටින  ඕස්ට්‍රේලියානුවන් අනිද්දා ජපානයෙන් නික්මෙන අතර ඔවුන් ඕස්ට්‍රේලියාවේ ඝර්ම කලාපීය දේශගුණයක් සහිත උතුරුකරයේ රදවා තබන බවයි.  

ඕස්ට්‍රේලියානුවන් සමග නෞකාවේ සිටින නවසීලන්ත ජාතිකයන් ද, ඉවත් කර ගැනෙන අතර, ඩාවින් නුවරට පැමිණි පසු ඔවුන් නවසීලන්තය වෙත යැවීමට නියමිතයි.

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින සිය පුරවැසියන් ඉවත් කර ගැනීමට සැලසුම් කර ඇති බව, කැනඩාව, ඉතාලිය, දකුණු කොරියාව සහ හොංකොං දේශය ද ප්‍රකාශ කළා.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 1775 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන්ගේ සංඛ්‍යාව 71,332 ක්.

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් චීනය සිය වාර්ෂික පාර්ලිමේන්තු සැසිවාරය ද කල් දැමීමට පියවර ගනු ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය අද සදහන් කළා.

චීන මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය මාර්තු 5 වනදා සිට දින 10 ක කාලයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පසුගිය වසර 35 ක කාලයක් තිස්සේ එය පැවැත්වුණේ මාර්තු මාසයේදීයි.

මේ අතර, කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මැඩලීම පිළිබදව සාකච්ඡා කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තර විශේෂඥයන් පිරිසක් මේ වනවිට බීජිං නුවරට පැමිණ තිබෙනවා.

ඔවුන්, චීන බලධාරින් සමග සිය ප්‍රථම සාකච්ඡාව අද පැවැත්වූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.


චීනයේ වනාන්තරයක ගින්නක් පාලනයට ගිය භටයින් 19 ක් මරුට
Tuesday, 31 March 2020 - 20:13

චීනයේ සිචුආන් පළාතේ වනාන්තරයක පැතිර ගිය ගින්නක් නිවීමට ගිය... Read More

චීනය සහ කාම්බෝජ ඒකාබද්ධ යුද අභ්‍යාසය අවසන්
Tuesday, 31 March 2020 - 13:19

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හමුවේ ලොව පුරා ක්‍රියාකාරකම්... Read More

ජගත් ආරක්ෂක මණ්ඩලයේ යෝජනා සම්මත කර ගැනීම දුරස්ථව
Tuesday, 31 March 2020 - 8:12

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා විසුරුණු... Read More