අලියා ලකුණ උකසට තැබිය නොහැකි බව එජාපය කියයි

Monday, 17 February 2020 - 19:37

%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB+%E0%B6%8B%E0%B6%9A%E0%B7%83%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය මෙතෙක් පිහිටුවීමට නොහැකි වී ඇති අතර ඔවුන් මහමැතිවරණයේදී තරඟ කරන ලකුණ සම්බන්ධයෙන් ද පවතින්නේ මතභේදකාරී තත්ත්වයක්.

එවැනි පසුබිමක සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලාංජනය කිසිවෙකුටත් උකසට තැබිය නොහැකි බවයි.  

කෙසේ වෙතත්, නව සන්ධානය සඳහා අලියා ලකුණ ලබා ගැනීමට නොහැකි වුවහොත් වෙනත් ලාංඡුනයක් යටතේ තරඟ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ හොරණ ප්‍රදේශයේ අද පැවැති උත්සවයකට එක්වෙමින්.

මේ අතර, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එහි ලාංඡනය හදවත බැවින් වෙනත් කිසිදු පක්ෂයකට හදවත ලාංඡුනය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරඟ කළ නොහැකි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂය ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිසමට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.





ලක්ෂ 12ක හෂීෂ් මත්ද්‍රව්‍ය සහ මත්පැන් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට - (ඡායාරූප)
Sunday, 05 April 2020 - 9:27

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සදහා අවසර ලබා ගෙන තිබූ ලොරියක... Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා මර්දන පියවර දැඩි කෙරේ
Sunday, 05 April 2020 - 9:19

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඉහළ යමින් පවතින එක්සත් අරාබි එමීර්... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළට
Sunday, 05 April 2020 - 8:37

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 3,000 ඉක්මවා... Read More