කොරෝනා මරණ 1775 දක්වා ඉහළට

Monday, 17 February 2020 - 20:08

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+1775+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගත වූ පැය 24 තුළ නව මරණ 105 ක් වාර්තා වුණා.

නව මරණ සියල්ල තවදුරටත් චීනයෙන්ම වාර්තාවන අතර මේ වන විට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1775 ක්.

කොවිඩ් 19 වෛරස ආසාදිතයන් ලොව රටවල් 30 කින් පමණ වාර්තාවන අතර එම සංඛ්‍යාව 71323 ක්.

එය ඊයේ දිනයට සාපේක්ෂව 2448 ක වැඩිවීමක්.

කෙසේ වෙතත් වෛරසය හේතුවෙන්  වාර්තාවන මරණවල ක්‍රමික අඩුවීමක් දක්නට ලැබෙන බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසනවා.

කොවිඩ් 19 චීනයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ඇතැම් සෞඛ්‍ය හා අත්‍යවශ්‍ය සේවාවල නිරත රාජ්‍ය සේවකයන් දින ගණනකින් නිවෙස් වෙත ගොස් නොමැතිබව වාර්තාවනවා.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ ප්‍රථම ප්‍රති වෛරස ඖෂධය වෙළෙඳපොළට නිකුත්කිරීමට චීනයේ සෙජියාන් පළාතේ ප්‍රාදේශීය පාලනාධිකාරියක් අවසර දී තිබෙනවා.

චීන මාධ්‍ය වාර්තා කළේ වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ඇණ හිටි යුරෝපය සහ චීනය අතර ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවය යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.

රුසියාවේ මොස්කම් සහ බෙලරුස් සිට චීනයේ ජියාංසි වෙත අදාළ දුම්රිය ධාවනය වනවා.

කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් හමුවීමත් සමඟ ජපානයේ යොකොහොමා වරායේ නැංගුරම් ලා තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ඇමරිකානුවන් 400 දෙනෙකු ඉවත් කරගැනීමට ඇමරිකානු රජය අද අලුයම පියවර ගත්තා.

කෙසේ වෙතත් ආසාදිත ආමරිකානු ජාතිකයන් 40 දෙනෙකු තවදුරටත් ජපානයේම රඳවා ප්‍රතිකාර කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය 2009 වසරේ ඇතිවූ ඉන්ෆ්ලුවෙන්සා එච්.වන්. එන්.වන් තත්ත්වයට සමාන බැවින් එහි ප්‍රතිවිපාක ද කාලයත් සමඟ පහව යනු ඇති බව වෛරස් රෝග විශේෂඥයන් පවසනවා.


බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට පැය අටකට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ
Sunday, 05 April 2020 - 7:49

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඉහළ අවදානමක් සහිත කලාප... Read More

ඇඳිරි නීතිය කාලය තුළ මාළු වෙළදාමට අවස්ථාව
Sunday, 05 April 2020 - 7:38

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගැටළුවකින් තොරව මත්ස්‍ය... Read More

හෙද සේවකයින්ට ආරක්ෂක පහසුකම් සැපයීමට රජය අපොහොසත් වී ඇතැයි චෝදනාවක්
Sunday, 05 April 2020 - 7:35

කොරෝනා ප්‍රතිකාර සේවාවල නිරත වන හෙද සේවකයින්ට ආරක්ෂක පහසුකම්... Read More