නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක්

Monday, 17 February 2020 - 20:15

%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%9A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය සිදුකළ බවට පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව අප වාර්තා කිරීමත් සමග, පිරිසක් අද පෙරවරුවේ නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

ඒ විගණන වාර්තාව අසත්‍ය බවට චෝදනා කරමින්.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් විගණන පරික්ෂණ සේවා සංගමය සදහන් කළේ , රාජ්‍ය විගණන සිදු කරන නිලධාරීන්ට බලපෑම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනියවන ජයනි ප්‍රිශංගිකා මහත්මිය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් අප ඊයේ වාර්තා කළා.

විගණන වාර්තාව අනුව පසුගිය වසරේ උසස් පෙළ පන්ති සඳහා ලැබුණු අයැදුම්පත් 2119 න් A සාමාර්ථ සංඛ්‍යාව පදනම් කරගනිමින් අයදුම්කරුවන් 442 ක් පමණක් චක්‍රලේඛ උල්ලංඝනය කර අවිධිමත් ලෙස සම්මුඛ පරීක්ෂණය සදහා කැඳවීම ,වාණිජ අංශයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ හැදෑරීම සදහා අයැදුම්කළ, A සාමාර්ථ 5 ක් ලබාගත් අයැදුම්කරුවන් 11 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට නොකැඳවමින් , අඩු සුදුසුකම් ඇති ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලැබූ සිසුවියන් 4 දෙනෙකු හෙළිදරව් නොවන පදනමකින් පාසලට ඇතුළත් කර ගැනීම.උසස් පෙළ සඳහා පාසලට ඇතුළත් කරගන්නා දරුවන්ගේ දෙමාපියන්ගෙන් රුපියල් දසලක්ෂ දහසය දහසක මුදලක් එකතුකර කිසිදු කුවිතාන්සියක් නිකුත් නොකිරීම, ඇතුළු තවත් කරුණු ගණනාවක් අනාවරණ වී ඇති බව විගණන දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ වාර්තාවේ සඳහන්.

කෙසේ වෙතත් මෙම විගණන වාර්තාව සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පිරිසක් විරෝධතාවක් නිරතවුණේ මේ ආකාරයෙන්.





ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළට
Sunday, 05 April 2020 - 8:37

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 3,000 ඉක්මවා... Read More

බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට පැය අටකට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ
Sunday, 05 April 2020 - 7:49

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඉහළ අවදානමක් සහිත කලාප... Read More

ඇඳිරි නීතිය කාලය තුළ මාළු වෙළදාමට අවස්ථාව
Sunday, 05 April 2020 - 7:38

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගැටළුවකින් තොරව මත්ස්‍ය... Read More