බර වාහන තුනක් ගැටී හලාවත - කොළඹ මාර්ගයේ අනතුරක්

Tuesday, 18 February 2020 - 7:30

%E0%B6%B6%E0%B6%BB+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
හලාවත - කොළඹ මාර්ගයේ මහවැව - කොස්වාඩිය ප්‍රදේශයේ වාහන තුනක් එකිනෙක ගැටීමෙන් ඊයේ (17) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

ටිපර් රථයක්, කන්ටේනර් රථයක් සහ පුද්ගලික බස් රථක් ගැටීමෙන් ඊයේ රාත්‍රියේ 11ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කොළඹ දෙස සිට හලාවත දෙසට අධික වේගයෙන් පැමිණ ඇති ටිපර් රථයක් අනුරාධපුරයේ සිට සීදුව ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවකට රෙදිපිළි තොගයක් රැගෙන යමින් සිටි කන්ටේනර් රථයක මුහුණට මුහුණ ගැටී ඇති අතර ඒ සමඟ කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් ටිපර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ටිපර් රථයේ රියදුරුගේ නොසැලකිල්ල අනතුරුට හේතු වී ඇති අතර මාරවිල පොලීසියේ රථ වාහන අංශය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කරනවා.






බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට පැය අටකට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ
Sunday, 05 April 2020 - 7:49

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඉහළ අවදානමක් සහිත කලාප... Read More

ඇඳිරි නීතිය කාලය තුළ මාළු වෙළදාමට අවස්ථාව
Sunday, 05 April 2020 - 7:38

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගැටළුවකින් තොරව මත්ස්‍ය... Read More

හෙද සේවකයින්ට ආරක්ෂක පහසුකම් සැපයීමට රජය අපොහොසත් වී ඇතැයි චෝදනාවක්
Sunday, 05 April 2020 - 7:35

කොරෝනා ප්‍රතිකාර සේවාවල නිරත වන හෙද සේවකයින්ට ආරක්ෂක පහසුකම්... Read More