කොරෝනා වෛරස් මරණ 1869 දක්වා ඉහළට - ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ, ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සුරක්ෂිතයි

Tuesday, 18 February 2020 - 7:29

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+1869+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ජපානයේ යොකොහමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු නිරෝගී තත්ත්වයෙන් පසුවන බව ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කර තිබෙනවා.

අප කළ විමසීමකදී විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ ඔවුන් දෙදෙනා එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බවයි.

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව පසුගිය පෙබරවාරි 3 වන දා සිට යොකොහමා වරායේ නතර කර ඇත්තේ එහි මගීන් අතර කොරෝනා වෛරස් ආසාදිතයන් සිටීම හේතුවෙන්.

මගීන් සහ කාර්ය මණ්ඩලය 3700ක් පමණ සිටින නෞකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් 455 දෙනෙකු මේ වන විට සොයාගෙන ඇති අතර, එය චීනයෙන් පිටත වාර්තා වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.

ඇමරිකා එක්සත් ජනපදය, නෞකාවේ සිටි සිය පුරවැසියන් 400ක් පමණ ඊයේ ඉවත් කර ගනු ලැබූ අතර, ඔවුන් අතර ද ආසාදිතයන් 14 දෙනෙකු සිටි බව සඳහන්.

එමෙන්ම, වෛරසය ආසාදනය වූ ඇමරිකානුවන් 40 දෙනෙකු තවදුරටත් ජපානයේ රදවා සිටිනවා.  

ඕස්ට්‍රේලියාව, හොංකොං, කැනඩාව, ඉතාලිය, දකුණු කොරියාව ආදී රටවල් ද නෞකාවේ සිටින සිය පුරවැසියන් ඉවත් කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ නමුත්, නෞකාවෙන් ඉවත් කර ගැනීමට අවසර ලැබී ඇත්තේ එහි සිටින මගීන්ට පමණයි. ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන පරිදි නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ඥාතීන් සමඟ නිරන්තර සම්බන්ධතාවකින් පසුවනවා.

නෞකාවේ සිටි සියළු දෙනාම මේ වන විට දින 14කට වැඩි කාලයක් එහි රැඳී සිටිය ද කාර්ය මණ්ඩල සාමාජිකයන්ට තවදුරටත් එහි රැදී සිටිය යුතු බවටයි දැනුම් දී ඇත්තේ.

ඒ අනුව අදාළ ශ්‍රී ලංකිකයින් පිළිබදව ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව අයත් සමාගම සමඟ සම්බන්ධීකරණයෙන් පසුවන බව ද ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා.

මේ අතර, කොවිඩ්  නයිටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 1869 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, වෛරසය කේන්ද්‍ර ගත වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් තවත් මරණ 93ක් වාර්තා වීමත් සමඟයි. කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු සංඛ්‍යාව මේ වන විට 73,272ක් වන අතර, ඉන් 72,376ක්ම වාර්තා වන්නේ චීනයෙන්.

ලෝක ව්‍යාප්ත වී ඇති වෛරසය මැඬලීම පිළිබදව වෛද්‍ය විශේෂඥයින්ගේ සාකච්ඡා දැන් චීනයේ පැවැත්වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් ප්‍රකාශ කළේ එහිදී සියළු විකල්ප සලකා බලන බවයි.


බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට පැය අටකට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ
Sunday, 05 April 2020 - 7:49

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඉහළ අවදානමක් සහිත කලාප... Read More

ඇඳිරි නීතිය කාලය තුළ මාළු වෙළදාමට අවස්ථාව
Sunday, 05 April 2020 - 7:38

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගැටළුවකින් තොරව මත්ස්‍ය... Read More

හෙද සේවකයින්ට ආරක්ෂක පහසුකම් සැපයීමට රජය අපොහොසත් වී ඇතැයි චෝදනාවක්
Sunday, 05 April 2020 - 7:35

කොරෝනා ප්‍රතිකාර සේවාවල නිරත වන හෙද සේවකයින්ට ආරක්ෂක පහසුකම්... Read More