අගමැති සහ හිටපු ජනපති අතර සාකච්ඡා අද

Tuesday, 18 February 2020 - 7:32

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.

ඉදිරි මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය තරඟ කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට බඳුන්වීමට ද නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ නව පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරිමට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡුනය වන්නේ පොහොට්ටුවයි. එහි නායකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්ව සිටිනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහි ලේකම්වරයායි.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් - රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර එහි ජාතික සංවිධායකවරුන් ලෙස නම් කර තිබෙනවා.

එවන් පසුබිමකයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත්තේ.

අද පැවැත්වෙන සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ ප්‍රසන්න රණතුංග එක්වනු ඇති.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර සහභාගි වීමට නියමිතව ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.



බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට පැය අටකට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ
Sunday, 05 April 2020 - 7:49

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඉහළ අවදානමක් සහිත කලාප... Read More

ඇඳිරි නීතිය කාලය තුළ මාළු වෙළදාමට අවස්ථාව
Sunday, 05 April 2020 - 7:38

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගැටළුවකින් තොරව මත්ස්‍ය... Read More

හෙද සේවකයින්ට ආරක්ෂක පහසුකම් සැපයීමට රජය අපොහොසත් වී ඇතැයි චෝදනාවක්
Sunday, 05 April 2020 - 7:35

කොරෝනා ප්‍රතිකාර සේවාවල නිරත වන හෙද සේවකයින්ට ආරක්ෂක පහසුකම්... Read More