විශ්‍රාමික ආබාධිත රණවිරුවන් කොටුවේ යළි සත්‍යග්‍රහයක

Tuesday, 18 February 2020 - 7:36

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A
රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ට සහ මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට ජිවිතාන්තය දක්වා මුළු වැටුපම ලබා දෙන ලෙසට ඉල්ලමින්.

ඊයේ පෙරවරුවේ විශ්‍රාමික අබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට පාගමනින් ජනාධිපති කාර්යාලය දක්වා පැමිණ එහි ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඉන් අනතුරුවයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් 6 දෙනෙකුට සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට කැදවනු ලැබුවේ.

එහිදී විරෝධතාකරුවන්ට සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයෙන් ලබා නොදී හමුදා මූලස්ථානය දක්වා ඔවුන් රැගෙන යනු ලැබුවා.

කෙසේ වෙතත්, තම ඉල්ලීම් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත වී එය ක්‍රියාත්මක කරන බවට ලිඛිතව ලබාදෙන තෙක් සත්‍යග්‍රහයේ නිරත වන බවයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති උජිත රොෂාන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළට
Sunday, 05 April 2020 - 8:37

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 3,000 ඉක්මවා... Read More

බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට පැය අටකට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ
Sunday, 05 April 2020 - 7:49

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඉහළ අවදානමක් සහිත කලාප... Read More

ඇඳිරි නීතිය කාලය තුළ මාළු වෙළදාමට අවස්ථාව
Sunday, 05 April 2020 - 7:38

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගැටළුවකින් තොරව මත්ස්‍ය... Read More