හමුදාපති ගැන ඇමරිකාව ගත් තීන්දුවට, උතුරේ හිටපු මහඇමති විග්නේෂ්වරන්ගේ ප්‍රසාදය

Tuesday, 18 February 2020 - 7:38

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7%2C+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ඇමරිකාවට ඇතුළුවීම වළක්වාලමින් පනවා ඇති තහනම පිළිබදව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය, දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සී.වී, විග්නේෂ්වරන් සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මානව හිමිකම්වලට උල්ලංගණය කරමින්  කටයුතු කළ අය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ වගකීම ඇමරිකාව යළි අවධාරණය කර ඇති බවයි.

ඒ අනුව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් ඇමරිකාව ගෙන ඇති තීරණයට තමන් ද එකඟ වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාව විසින් පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයන්ට ද කරුණු පැහැදිලි කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන එක්සත් ජනපද කොංග්‍රස් සභිකයන් වන අමි බේරා සහ ජෝර්ජ් හෝල්ඩින් යන දෙදෙනා විදේශ සබදතා අමාත්‍යාංශයේදී ඊයේ අමාත්‍යවරයා හමුවුයේ මෙරට ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් සමඟයි.

එහිදී කොංග්‍රස් සභිකයන් ප්‍රකාශ කර ඇත්තේ යුද හමුදාපතිවරයාට එරෙහිව පනවා ඇති ඇමරිකානු සංචාරක තහනම පිළිබද ලක් රජයේ විරෝධය කොංග්‍රස් මණ්ඩලය වෙත දැනුම් දෙන බවයි.


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළට
Sunday, 05 April 2020 - 8:37

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 3,000 ඉක්මවා... Read More

බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට පැය අටකට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ
Sunday, 05 April 2020 - 7:49

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඉහළ අවදානමක් සහිත කලාප... Read More

ඇඳිරි නීතිය කාලය තුළ මාළු වෙළදාමට අවස්ථාව
Sunday, 05 April 2020 - 7:38

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගැටළුවකින් තොරව මත්ස්‍ය... Read More