මැතිවරණ ඉතිහාසයේ වැඩිම, දේශපාලන පක්ෂ ලියාපදිංචිය මෙවර - පක්ෂ 143ක් ලියාපදිංචියට අවසර ඉල්ලයි

Tuesday, 18 February 2020 - 7:40

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8%2C+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+-+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+143%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මහමැතිවරණයට පෙර නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයඳුම්පත් 143ක් මැතිවරණ කොමිසම් සභාව වෙත ලැබී තිබෙනවා.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා පසුගිය දා අයදුම්පත් කැදවූ අතර එය ඊයේ දිනයෙන් අවසන් වුණා.

මැතිවරණ ඉතිහාසයේ අන් කවර අවස්ථාවකටත් වඩා මෙවර අලූත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ඉදිරිපත් කර ඇති සියළුම අයඳුම්පත් පරීක්ෂා කර, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු සුදුසුකම් සම්පූර්ණ කර ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.

මේ වන විට දේශපාලන පක්ෂ 70ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories