මහබැංකු බැඳුම්කර පිළිබද වෝහාරික විගණන වාර්තාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට

Tuesday, 18 February 2020 - 7:42

%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B7%80%E0%B7%9D%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7
රුපියල් බිලියන 367ක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළ යෝජනාව රජයේ මුදල් කාරක සභාව විසින් අද පාර්ලිමේන්තුවේදී සලකා බැලීමට නියමිතයි.

එම කාරක සභාව විසින් එය අනුමත කිරීමෙන් පසුව යෝජනාව අනිද්දා දින පාර්ලිමේන්තුවේදී විවාදය සඳහා ඉදිරිපත් කිරීමට  නියමිතව තිබෙනවා.

අදාළ විවාදය උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන කෙටුම්පත, ආර්ථික සේවා ගාස්තු සංශෝධන කෙටුම්පත සහ වරාය හා ගුවන් තොටුපළ බදු සංශෝධන යන කෙටුම්පත් අද දින රැස්වීමේදී සාකච්ඡාවට ගනු ඇති.

මීට අමතරව මහබැංකු බැඳුම්කර පිළිබද වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් ද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන අතර, හෙට දිනයේදී ද එම විවාදය පැවැත්වීමට නියමිතයි.

 


ලක්ෂ 12ක හෂීෂ් මත්ද්‍රව්‍ය සහ මත්පැන් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට - (ඡායාරූප)
Sunday, 05 April 2020 - 9:27

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සදහා අවසර ලබා ගෙන තිබූ ලොරියක... Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා මර්දන පියවර දැඩි කෙරේ
Sunday, 05 April 2020 - 9:19

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඉහළ යමින් පවතින එක්සත් අරාබි එමීර්... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළට
Sunday, 05 April 2020 - 8:37

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 3,000 ඉක්මවා... Read More