දෙවිනුවර දේවාලයට ‘කළණ’ යළි ලබා ගැනීමේ උත්සාහය කල් යයි

Tuesday, 18 February 2020 - 7:47

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E2%80%98%E0%B6%9A%E0%B7%85%E0%B6%AB%E2%80%99+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දීර්ඝ කාලයක් තිස්සේ දම්වැළකින් ගැට ගසා තිබීමෙන් පාදයට තුවාල සිදුවී දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ සිට අම්බලන්තොට - රිදියගම සෆාරි උද්‍යානයට මාරු කර යැවූ කළණ නම් හස්තියා යළි එම දේවාලයට ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව එම සත්ත්වයා රිදියගම සෆාරි උද්‍යානයේ සිටි කාලසීමාවට අදාළව සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 41ක් ගෙවීමටයි දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය කටයුතු කරමින් ඇත්තේ.

ඊට අදාළව පසුගිය ජනවාරි 16 වන දින මාතර අධිකරණය විසින් නියෝගයක් දී තිබුණේ අද දිනයේ එම හස්තියා දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයට ලබාදෙන ලෙසටයි.

කෙසේ වෙතත්, ඊට විරෝධය පළ කරමින් සත්ත්ව ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ දිනයේ අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා ගත්තේ එය නතර කරන ලෙසටයි.

ඒ අනුව අද දිනයේදී දේවාලයට ලබාදීමට නියමිතව තිබූ කළණ හස්ති රාජයා ලබාදීමේ කටයුතු මාර්තු 3 වන දින දක්වා කල් දැමීමට අධිකරණය ඊයේ තීරණය කළා.

එම හස්තියා දේවාලයට ලබා නොදීමට කටයුතු කළ යුත්තේ ඇයි දැයි යන්න පිළිබදව මාර්තු 3 වන දිනට පෙර අදාළ සත්ත්ව ක්‍රියාකාරීන් අධිකරණයට කරුණු වාර්තා කළ යුතු වනවා.

මාතර - දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලයේ භාරකාරීත්වය යටතේ සිටි කළණ නම් හස්තියාගේ දකුණු පාදය දීර්ඝ කාලයක් තිස්සේ දම්වැල්වලින් ගැට ගසා තිබීම හේතුවෙන් තුවාල සිදුවී එම දම්වැල් පාදයට සම්බන්ධ වී මස් ලියලා තිබූ ආකාරය 2018 වසරේ අගෝස්තු මාසයේදී හිරු ප්‍රවෘත්ති අංශය මගින් අනාවරණ කළා.

හිටපු වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම කළණ හස්තයාගේ දුක සැප බැලීමට ගිය අවස්ථාවක් පහතින්..






ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළට
Sunday, 05 April 2020 - 8:37

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 3,000 ඉක්මවා... Read More

බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට පැය අටකට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ
Sunday, 05 April 2020 - 7:49

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඉහළ අවදානමක් සහිත කලාප... Read More

ඇඳිරි නීතිය කාලය තුළ මාළු වෙළදාමට අවස්ථාව
Sunday, 05 April 2020 - 7:38

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගැටළුවකින් තොරව මත්ස්‍ය... Read More